වයස 19 න් පහළ අන්තර් පාසල් බාලිකා කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නුගේගොඩ අනුලා විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල ඊයේ (22 වැනිදා) සමත් විය.
දෙවිදුහල් අතර පැවැත්වෙන තරගාවලියේ අවසන් මහ තරගය අද (23 වැනිදා) කොළඹ කැම්බල් පාර්ක් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ගම්පහ රත්නාවලී බාලිකා විදුහල කඩුලූ 9 කින් පරාජය කරමින් නුගේගොඩ අනුලා විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ඔක්කම්පිටිය මහා විදුහල ලකුණු 67 කින් පරාජය කරමින් රත්ගම දේවපතිරාජ විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
ගම්පහ රත්නාවලී බාලිකා විදුහල සහ ඔක්කම්පිටිය මහා විදුහල අතර තරගාවලියේ තෙවැනි ස්ථානය තේරීමේ තරගයද අද (23 වැනදා) පැවැත්වේ.
රත්ගම දේවපතිරාජ විදුහලට ලකුණු 67 ක ජයක්
දේවපතිරාජ විදුහල - ඕවර 25 කදී කඩුලූ 5 ක් දැවී 177
(සත්‍යා සන්දීපනී නොදැවී 63, ඉරේෂා චතුරානි 50, පූජා රෂ්මි 28, කවීෂා දිල්හාරි 11, හංසනී නිරුක්ෂිකා 34/2, අචිනි ලසන්ති 35/2)
විජයබාහු විදුහල - ඕවර 20.1 කදී සියලූ දෙනා දැවී 110
(පේෂලා රත්නසිරි 31, සිතාරා මධුවන්ති 20, කවීෂා දිල්හාරි 36/5, නිලක්ෂණා සඳමිනි 24/2)
නුගේගොඩ අනුලා විදුහලට කඩුලූ 9 ක ජයක්
රත්නාවලී බාලිකා විදුහල - ඕවර 23.3 කදී සියලූ දෙනා දැවී 76
(සජානි බණ්ඩාර 15, තිළිණි නිසංසලා නොදැවී 14, ජනාදි අනාලි 11/3, හිමාෂා සෙව්වන්දු 9/2)
නුගේගොඩ අනුලා විදුහල - ඕවර 12.3 කදී එක් කඩුල්ලක් දැවී 79
(අමාෂා පෙරේරා නොදැවී 39, සිත්මි කෞමදී නොදැවී 15)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.