Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ ගාල්ල සියලූ ශාන්තවරයන්ගේ විදුහල සමග මදම්පාගමදී පැවැති තරගයකින් ලකුණු 353 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට රත්ගම දේවපතිරාජ විදුහල සමත්විය.
දේවපතිරාජ විදුහලේ දිල්ෂාන් කාංචන ලකුණු 203 ක් රැස්කළ අතර පන්දු 184 කින් වාර්තාවූ ඔහුගේ ඉනිමට හයේ පහර 10 ක් සහ හතරේ පහර 19 ක් අන්තර්ගත විය.
මෙම ද්විත්ව ශතකයත් සමගින් ඔහු මෙවර තරග වාරයේදී ලකුණු 1000 පසුකර යෑමට සමත්විය. ඒ සඳහා ඔහු සහභාගිවී ඇත්තේ තරග 13 කට පමණි.
දිල්ෂාන්ගේ එම ලකුණු 1000 ට ති‍්‍රත්ව ශතකයක්, ද්විත්ව ශතකයක් සහ ශතක 2 ක් ඇතුළත්ය.
තරගය ජයග‍්‍රහණය කිරීම සඳහා ලකුණු 449 ක ඉලක්කයක් හඹාගිය සියලූ ශාන්තවරයන්ගේ විදුහලට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 95 ක් පමණි.
සියලූ ශාන්තවරයන්ගේ විදුහලේ දෙවැනි ඉනිම වැනසූ දේවපතිරාජ විදුහලේ ළහිරු මධුවන්ත, චතුර ලක්ෂාන් සහ රවීන් යසස් කඩුලූ 3 බැගින් දවාගත්හ.
දේවපතිරාජ විදුහල - පළමු ඉනිම - ඕවර 48.1 කදී කඩුලූ 8 කට 215
(උදේෂ් මධුසංක 81, ළහිරු මධුවන්ත 45, රවීන් යසස් 28, නිලංක රුක්ෂිත 28, ධනුක සංජුල 57/3, සඳරු දිලීප් 95/3)
සියලූ ශාන්තවරයන්ගේ විදුහල - පළමු ඉනිම - ඕවර 27 කදී සියලූ දෙනා දැවී 111
(කවිඳු මනෝජ් 24, යෙහාන් විදර්ෂණ 13, චතුර ලක්ෂාන් 24/6, ළහිරු මධුවන්ත 31/3)
දේවපතිරාජ විදුහල - දෙවැනි ඉනිම - ඕවර 74.1 කදී සියලූ දෙනා දැවී 344
(දිල්ෂාන් කාංචන 203, උදේෂ් මධුසංක 34, ප‍්‍රසන්න කරුණාවංස 42, රවීන් යසස් 24, නිලංක රුක්ෂිත 14, ධනුක සංජුල 90/4, යොහාන් විදර්ෂණ 64/2)
සියලූ ශාන්තවරයන්ගේ විදුහල - දෙවැනි ඉනිම - ඕවර 22.5 කදී සියලූ දෙනා දැවී 95
(ධනුක සංජුල 36, තරිඳු ගයන්ත 17, රෂ්මි හරිඳු 14, ළහිරු මධුවන්ත 10/3, චතුර ලක්ෂාන් 28/3, රවීන් යසස් 51/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.