Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් 19 න් පහළ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේ රත්ගම මහජන කී‍්‍රඩාංගණයේ පැවැති පළමු වටයේ තරගයකින් මාතර රාහුල විදුහල පරදවා කඩුලූ 3 ක ජයක් අත්කර ගැනීමට රත්ගම දේවපතිරාජ විදුහල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා අවශ්‍යවූ ලකුණු 160, ඕවර 45.5 ක් තුළදී කඩුලූ 7 ක් දැවී රැුස්කිරීමට දේපතිරාජ විදුහලේ පිතිකරුවෝ සමත්වූ අතර දිල්ෂාන් කාංචන ලකුණු 72 ක් රැස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.
රාහුල විදුහලේ හර්ෂ රාජපක්ෂ ලකුණු 15 කට දේවපතිරාජ විදුහලේ කඩුලූ 3 ක් දවාගැනීමට සමත්වුවද, තම කණ්ඩායම පරාජයෙන් ගලවාගැනීමට තරම් එය ප‍්‍රමාණවත් නොවීය.
රහුල විදුහල - ඕවර 50 කදී කඩුලූ 9 කට 159
(කලණ හසරංග 46, නිමේෂ් තිලංග 33, තිලිණ මානගේ 15, හර්ෂ රාජපක්ෂ 10, රවීන් යසස් 3/2, චතුර ලක්ෂාන් 26/2)
දේවපතිරාජ විදුහල - ඕවර 45.5 කදී කඩුලූ 7 කට 160
(දිල්ෂාන් කාංචන 72, රවීන් සයස් 27, ළහිරු මධුවන්ත 11, හර්ෂ රාජපක්ෂ 15/3, චාමික ශවින්ද 41/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.