Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දෙවැනි ස්ථානය අවදානමේ තිබුණත්..

දෙවැනි ස්ථානය අවදානමේ තිබුණත්..

දිලිනි මල්රුක්ෂි - 2015 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරාගවලියේ පළමු වටයේ තරග අවසන් කරමින් ස්කොට්ලන්තය ලකුණු 148 කින් පරාජය කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයේ ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට පැනගත් නමුත් එය ස්ථාවර ස්ථානයක් නොවේ. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ තරග අවසන් වූවත් ප‍්‍රසාද ලකුණු සටහනේ ශී‍්‍ර ලංකාවට ඉහළින් සහ පහළින් සිටින නවසීලන්ත සහ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම් වල තරග අවසන් නොවීම ඊට හේතුවයි.

දැනට ප‍්‍රසාද ලකුණු 7 ක් ලබා සිටින  ඕස්ටේ‍්‍රලියානු පිල ලබන සෙනසුරාදා (14 වැනිදා) හොබාර්ට්හි බෙලරිව්  ඕවල් පිටියේදීම ස්කොට්ලන්තය මුණගැසෙයි. එම තරගයෙන්  ඕස්ටේ‍්‍රලියානු පිල ජය ලැබුවහොත්  ඕස්ටේ‍්‍රලියානු පිලට ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය ලැබෙන අතර ශී‍්‍ර ලංකා පිල තුන්වැනි ස්ථානයට පත්වේ.

නවසීලන්තය සහ බංග්ලාදේශය අතර තරගය හෙට (13 වැනිදා) හැමිල්ටන්හිදී පැවැත්වීමට නියමිත තරගයට වර්ෂාවෙන් බාධා පැමිණෙනු ඇතැයි මේ වන විටත් කාලගුණ විද්‍යාඥයන් අනාවැකි පළකර තිබේ. ශී‍්‍ර ලංකා පිලේ ශුද්ධ ලකුණු වේගය මේ වන විට 0.371 ක් සහ බංග්ලාදේශයේ ශූද්ධ ලකුණු වේගය ූ0.211 ක් ලෙස සටහන් වන බැවින් හැමිල්ටන් තරගය වර්ෂාවෙන් සේදී ගියද ශී‍්‍ර ලංකා පිලට හානියක් නොවේ.

සියල්ල සැණෙකින් උඩු යටිකුරු වන කි‍්‍රකට් කී‍්‍රඩාවේදී, යම් හෙයකින්, බංග්ලාදේශ පිල විසින් නවසීලන්තය පරාජය කරනු ලැබුවහොත් බංග්ලාදේශය තුන්වැනි තැනටත් ශී‍්‍ර ලංකා පිල සිවුවැනි තැනටත් පත්වනු ඇත. කෙසේ වෙතත් ඒ සඳහා ඇති අවස්ථාව අවම වන්නේ වැසිබර කාලගුණික තත්ත්වයන් යටතේදී ආසියානු කණ්ඩායමකට  ඕස්ටේ‍්‍රලියාවේදී තරග කිරීමට වඩා නවසීලන්තයේදී තරග කිරීම අපහසු වන බැවිනි.

ප‍්‍රසාද ලකුණු පුවරුවේ පළමු හතර දෙනා අතර සිටින බැවින් කොතැනක සිටියද අර්ධ අවසන් පූර්ව වටයේදී ශී‍්‍ර ලංකා පිල තරග වදින්නේ සිඞ්නි පිටියේදීය. එහෙත් ශී‍්‍ර ලංකා කණ්ඩායම සිවුවැනි ස්ථානයට වඩා තුන්වැනි ස්ථානය පිළිබඳ උනන්දු වන්නේ සිඞ්නි පිටියේදී දකුණු අපි‍්‍රකානු පිල හෝ පාකිස්තානු පිල දමනය කරගැනීම වඩාත් පහසු බැවිනි. යම් හෙයකින් ශී‍්‍ර ලංකා පිල සිවුවැනි ස්ථානයට පත්වුවහොත් සිඞ්නි පිටියේදී මුණ ගැසීමට සිදුවන්නේ ඉන්දියාවයි.

ලෝක කුසලාන 2015 - ප්‍රසාද ලකුණු පුවරුව
2015.03.11 දා - ශ්‍රී ලංකා/ස්කොට්ලන්ත තරගය නිමා වීමෙන් පසු
‘ඒ‘ කාණ්ඩය
කණ්ඩායම තරග ජය පරාජ සම වි.නැ. ශු.ල.වේ.  ප්‍ර.ලකුණු 
නවසීලන්තය 5 5 0 - - 3.090         10.00
ශ්‍රී ලංකාව 6 4 2 - - 0.371           8.00
ඕස්ට්‍රේලියාව 5 3 1 - 1 1.597           7.00
බංග්ලාදේශය 5 3 1 - 1 0.211           7.00
එංගලන්තය 5 1 4 - - -1.001           2.00
ඇෆ්ගනිස්ථානය 5 1 4 - - -1.881           2.00
ස්කොට්ලන්තය 5 0 5 - - -1.769                -  
 
‘බී‘ කාණ්ඩය
කණ්ඩායම තරග ජය පරාජ සම වි.නැ. ශු.ල.වේ.  ප්‍ර.ලකුණු 
ඉන්දියාව 5 5 0 - - 2.157         10.00
දකුණු අප්‍රිකාව 5 3 2 - - 1.462           6.00
පාකිස්තානය 5 3 2 - - -0.194           6.00
අයර්ලන්තය 5 3 2 - - -1.014           6.00
බටහිර ඉන්දීය කොදෙව් 5 2 3 - - -0.511           4.00
සිම්බාබ්වේ 5 1 4 - - -0.595           2.00
එක්සත් අරාබි ජනපදය 4 0 4 - - -1.691  - 

අදහස් (0)

දෙවැනි ස්ථානය අවදානමේ තිබුණත්..

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.