නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර බාබඩෝස්හි කෙන්සිග්ංටන් ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (27 වැනිදා) කී‍්‍රඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලූ 2 ක් දැවී ලකුණු 169 ක් ලබා සිටියේය.
වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා තරගයේ දෙවැනි දිනයේදී යැවීමට හැකිවූයේ ඕවර 33.2 ක් පමණි. දිනය නිමාවන විට කර්ක් එඞ්වඞ්ස් ලකුණු 42 සහ ඩැරන් බ‍්‍රාවෝ ලකුණු 8 ක් බැගින් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
කොදෙව් පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන කි‍්‍රස් ගේල් (42) සහ ක්‍රෙග් බ‍්‍රැත්වයිට් (68) එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 79 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර පන්දු 116 කින් වාර්තා වූ බ‍්‍රැත්වයිට්ගේ අර්ධ ශතකයට හතරේ පහර 10 ක් අන්තර්ගත විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල සියලූ දෙනා දැවී ලකුණු 293 ක් ලබාගත්තේය. එහිදී නවසීලන්ත පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජේම්ස් නීෂම් ලකුණු 78 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමගිනි.
ලකුණු 93 කට කඩුලූ 5 ක් දවාගත් සුලෙයිමන් බෙන් නවසීලන්ත ඉනිම සුනුවිසුණු කර දැමූ අතර ලකුණු 61 කට කඩුලූ 4 ක් දවාගත් කේමර් රෝච් ඒ සඳහා ඔහුට අනගි සහයක් දුන්නේය.
නවසීලන්ත පිල පළමු ඉනිම - ඕවර 78.2 කදී සියලූ දෙනා දැවී 293
(කේන් විලියම්සන් 43, රොස් ටේලර් 45, බ්‍රෙන්ඩන් මැකලම් 31, ජේම්ස් නීෂම් 78, මාර්ක් කේ‍්‍රං නොදැවී 46, සුලීමන් බෙන් 93/5, කේමර් රෝච් 61/4)
බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම - ඕවර 42.2 කදී කඩුලූ 2 ක් දැවී 32
(කි‍්‍රස් ගේල් 42, ක්‍රෙග් බ‍්‍රැත්වයිට් 68, කර්ක් එඞ්වඞ්ස් නොදැවී 42)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.