Last Update  :  2025-12-22 17:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දෙවැනි කාණ්ඩයේ පුහුණු පාඨමාලාවක් ඇරඹේ

දෙවැනි කාණ්ඩයේ පුහුණු පාඨමාලාවක් ඇරඹේ

ශනුක අරවින්ද - 2018 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන්ගේ අධ්‍යාපන අංශය සංවිධානය කළ දෙවැනි කාණ්ඩයේ පුහුණු පාඨමාලාවක් අද (16 වැනිදා) ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ විවිධ අංශවල පුද්ගලයන් 20 කගේ පමණ සහභාගිත්වයෙන් ආරම්භ විය. මෙම පුහුණු පාඨමාලාව අද සිට දින 6 ක් පුරා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දස්කම් මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

පාසල් පුහුණුකරුවන්, ක්‍රීඩා සමාජ පුහුණුකරුවන්, හිටපු මෙන්ම තවමත් ක්‍රීඩාවේ නිරත වන ක්‍රීඩකයන් පිරිසක්ද මෙම පාඨමාලාවට සහභාගි වී සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්, නුවන් කුලසේකර සහ ධම්මික ප්‍රසාද් වැනි ක්‍රීඩකයෝද, කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවක වන ප්‍රසාදිනී වීරක්කොඩිද ඊට ඇතුළත්ව සිටිති.

“මේක විශේෂ පුහුණු පාඨමාලාවක්. සෑම ආකෘතියකම ක්‍රිකට් තරගවල නවතම තත්වයන් සම්බන්ධයෙන් දැනුම ලබාදීම මෙම පාඨමාලාවේ ප්‍රධානම අරමුණයි. එවැනි දැනුමක් ලබාගැනීම තුළින් ක්‍රීඩකයන්ගේ දක්ෂතා හඳුනාගන්න වගේම ජාතික මට්ටමේ ක්‍රීඩකයන් බිහිකරන්න පුහුණුකරුවන්ට හැකි වෙනවා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දස්කම් මධ්‍යස්ථානයේ ප්‍රධානී අසංක ගුරුසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුයුක්තව සේවය කරන අවිෂ්ක ගුණවර්ධන, පියල් විජේතුංග, හර්ෂ ද මෙල්, උපුල් චන්දන, රවින්ද්‍ර පුෂ්පකුමාර, චමිල ගමගේ, ලංකා ද සිල්වා, සුමිත්‍ර වර්ණකුලසූරිය සහ තාරක සමරතුංග වැනි පුහුණුකරුවන් විසින් මෙම පුහුණු පාඨමාලාව මෙහෙයවනු ලබති.

 

-036


අදහස් (0)

දෙවැනි කාණ්ඩයේ පුහුණු පාඨමාලාවක් ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.