Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දෙබරවැව ජාතික පාසලට පළමු ඉනිමේ ජයක්

දෙබරවැව ජාතික පාසලට පළමු ඉනිමේ ජයක්

ශනුක අරවින්ද - 2014 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ ෂෂ වැනි කාණ්ඩයේ දෙබරවැව ජාතික පාසල සහ කෑගලූ විද්‍යාලය අතර කෑගල්ලේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට දෙබරවැව ජාතික පාසල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 40 ක ඉලක්කයක් හඹාගිය දෙබරවැව ජාතික පාසල, තරගය නතර කරන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 11 ක් ලබා සිටියේය.

දෙබරවැව ජාතික පාසලේ දකුණතින් වේගපන්දු යවන කී‍්‍රඩක උදිත් මධුෂාන් ලකුණු 27 කට කෑගලූ විද්‍යාලයේ පළමු ඉනිමේ කඩුලූ 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

දෙබරවැව ජාතික පාසල - පළමු ඉනිම  ඕවර 55.5 කදී සියලූ දෙනා දැවී 199
(ඉෂාර චතුරංග 88, ඉෂාන් ඉඳුනිල් 27, කෝසල බණ්ඩාර 30/6)
 
කෑගලූ විද්‍යාලය - පළමු ඉනිම  ඕවර 30.5 කදී සියලූ දෙනා දැවී 86
(මනුජය රණසිංහ 27, උදිත් මධුෂාන් 27/7)
 
කෑගලූ විද්‍යාලය - දෙවැනි ඉනිම  ඕවර 47 කදී සියලූ දෙනා දැවී 153
(කේෂාන් වේරගොඩ 29, තාරක විජේතුංග 27, කෝසල බණ්ඩාර 22, සචින් චාමික 46/5)

දෙබරවැව ජාතික පාසල -  ඕවර 6 කදී කඩුලූ 4 ක් දැවී 11

-036

 


අදහස් (0)

දෙබරවැව ජාතික පාසලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.