දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ‍්‍රී ලංකා කණ්ඩායම හෙට (25 වැනිදා) අලූයම දකුණු අප‍්‍රිකාව බලා දිවයිනෙන් පිටත්ව යයි. කී‍්‍රඩකයන් 17 දෙනකු සහ නිලධාරීන් තිදෙනකු තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
චන්දන සූරියආරච්චි, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන අතර චමින්ද පුෂ්පකුමාර, උප නායකයා වශයෙන් කටයුතු කරයි.
තරගාවලිය දකුණු අප‍්‍රිකාවේ කේප් ටවුන්හිදී හෙට (25 වැනිදා) ආරම්භ වීමට නියමිතය. සිව්වැනි වරට පැවැත්වෙන මෙම දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය පන්දුවාර 40 තරගාවලියක් ලෙස පැවැත්වේ. එහි ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ඕටේ‍්‍රලියාවට එරෙහිව 27 වැනිදා පැවැත්විමට නියමිතය.
සිව්වැනි දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය 2010 වසරේදී පැවැත්වීමට නියමිතමව තිබුණද, ඒ සඳහා සත්කාරකත්වය ලබාදීමට කිසිදු රටක් ඉදිරිපත් නොවීම නිසා එය අවලංගු විය. ඒ අනුව මේ වසරේදී තරගාවලිය පැවැත්වෙන්නේ වසර 8 කට පසුවය.
ක‍්‍රීඩා අමාත්‍යංශය, ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනය, ස්ටෑන්ඩඞ් චාර්ටඞ් බැංකුව, මාස් ඇක්ටිව් ආයතනය, එච්. එන්. බී. රක්ෂණ සමාගම, ඬේවිඞ් පිරීස් සමාගම සහ හේලීස් සමාගම මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් කණ්ඩායමේ අනුග‍්‍රාහකයන් ලෙස කටයුතු කරති.
ශ‍්‍රී ලංකා කණ්ඩායම
පූර්ණ දෘෂ්‍යාබාධිත -
චමින්ද පුෂ්පකුමාර (උපනායක), සමන් කුමාර, කෝසල් හේරත්, දිමුතු රවින්ද, බී. චමින්ද, ජගත් කුමාර
අර්ධ දෘෂ්‍යාබාධිත -
රුවන් වසන්ත, කේ. බී. ආර්. ජයරත්න, දිනේෂ් මතුගම, උපුල් සංජීව, මධුසංඛ විශ්වනාත්, චන්දන සූරියආරච්චි (නායක), චන්දන දේශප‍්‍රිය, කල්යාන් කුමාර, සුරංග සම්පත්, රුවන් කරුණාතිලක
නිලධාරීන් -
රවීන්ද්‍ර විමුක්ති පෙරේරා (පුහුණුකරු), ශෙහාන් ගුණවර්ධන (සහය පුහුණකරු), වයි. ප‍්‍රියන්ත (කලමනාකරු)
තරග කාල සටහන
නොවැම්බර් 27 - ඔස්ටේ‍්‍රලියාව
නොවැම්බර් 28 - බංගලාදේශය
දෙසැම්බර් 1 - ඉන්දියාව
දෙසැම්බර් 2 - පාකිස්තානය
දෙසැම්බර් 3 - එංගලන්තය
දෙසැම්බර් 4 - දකුණු අප‍්‍රිකාව
ඡායාරූපය - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.