Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ලබන නොවැම්බර් මාසය දක්වා ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා යොදා නොගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට දන්වා ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටුවේ නිර්දේශ මත, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තීරණය ගනු ලැබ ඇතැයි දැනගන්නට තිබේ.
මෙම තත්ත්වය අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට (12 වැනිදා) බැංගලෝරයේදී ආරම්භ වන ටෙස්ට් තරගය සඳහා දුෂ්මන්ත ක්‍රීඩා නොකරනු ඇත.
පාදයේ වළලුකර ආබාධයක් හේතුවෙන් වරින් වර ප්‍රතිකාර ගන්නා දුෂ්මන්ත චමීරගේ වෙහෙස වැඩි නොකර, ඔහු විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට තබාගන්නා ලෙසින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයකු වන ඩේවිඩ් යංග් මහතා දැනුම් දී ඇතැයි වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ නිර්දේශය වී ඇත්තේ ලබන නොවැම්බර් මාසය දක්වා දුෂ්මන්ත චමීර ටෙස්ට් පිටියෙන් ඉවත්කර තබන ලෙසයි.
විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී ඉතාමත් හොඳින් පන්දු යවමින් සිටින දුෂ්මන්තගේ මෑත කාලීන දස්කම් හේතුවෙන්, මීළඟ (2022) අයි.පී.එල්. තරගාවලියේදී ඉන්දීය රුපියල් කෝටි 2 ක මුදලකට (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 6,68,00,000 ක්) ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් මිලදී ගන්නා ලදි.
අයි.පී.එල්. තරගාවලිය මේ මස 26 වැනිදා ආරම්භ වන අතර මූලික වටයේ තරග සංඛ්‍යාව 70 කි.
දුෂ්මන්තගේ සේවය තමන්ට අවශ්‍ය යයි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න දිගින් දිගටම ඉල්ලා සිටින තත්ත්වයකදී අතිරේක ප්‍රශ්නයක් ද පැන නැගී තිබේ. එනම් දුෂ්මන්තගේ වෙහෙස වැඩි නොකළ යුතුයි කීවද, අයි.පී.එල්. තරගාවලියේදී එක දිගට පැවැත්වෙන තරග වලදී දුෂ්මන්ත විවේක ගන්වන්නේ කෙලෙසද යන්නයි.
අයි.පී,එල්. තරගයකදී පන්දු යැවීමට සිදුවන්නේ ඕවර 4 ක් පමණක් බැවින් ඒ සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ගන්නා ලෙස වෛද්‍ය නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබේ.
ඉදිරි මාස 7 ක කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 6 කට සහභාගි විය යුතුව තිබේ. ඒ බංග්ලාදේශයට එරෙහිව තරග 2 ක්, ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග 2 ක් සහ පාකිස්තානයට එරෙහිව තරග 2 ක් වශයෙනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.