Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ රෙඞ්ස් පිලට එරෙහිව මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති ආරාධිත විස්සයි20 තරගාවලියේ තෙවැනි තරගයේදී ලකුණු 35 ක ජයක් හිමිකර ගැනීමට දසුන් ශානක නායකත්වය දරන ග්‍රේස් පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 155 ක ඉලක්කයක් හඹාගිය දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් රෙඞ්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 119 ක් පමණි.
ඕෂධ ප්‍රනාන්දු අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද සෙසු පිතිකරුවන්ට සාර්ථක වීමට ග්‍රේස් පිලේ පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමනොවූහ. පන්දු 49 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 52 ක් රැස්කිරීමට ඕෂධ ප්‍රනාන්දු සමත්විය.
අෂේන් ඩැනියෙල්, ළහිරු මදුශංක සහ නුවන් ප්‍රදීප් කඩුලු 2 බැගින් දවාගනිමින් ග්‍රේස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට දායක වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ග්‍රේස් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 154 ක් රැස්කිරීමට සමත්විය.
නායක දසුන් ශානක පන්දු 38 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 48 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර පසුපෙළ පිතිකරු පුලින තරංග පන්දු 10 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 20 ක් ලබාගනිමින් ග්‍රේස් පිලේ ලකුණු මට්ටම 150 සීමාව ඔබ්බට රැගෙන ගියේය.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ සීකුගේ ප්‍රසන්න සිය ඕවර 4 ලකුණු 09 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත් අතර ප්‍රභාත් ජයසූරිය ලකුණු 29 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.
ග්‍රේස් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 154
(දසුන් ශානක 48, පුලින තරංග 20, සීකුගේ ප්‍රසන්න 09/2, ප්‍රභාත් ජයසූරිය 29/2)
රෙඞ්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 119
(ඕෂධ ප්‍රනාන්දු 52, අෂේන් ඩැනියෙල් 18/2, ළහිරු මදුශංක 21/2, නුවන් ප්‍රදීප් 24/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.