අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අද (17 වැනිදා) අවසන්විය.
මහනුවර කණ්ඩායමට එරෙහිව අද පැවැති තරගය ජයගැනීමට දඹුල්ල කණ්ඩායමට අවස්ථාව හිමිවී ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අතර තරගය ගාල්ල කණ්ඩායම ජයගත්තේනම් දඹුල්ල කණ්ඩායමට අවසන් තරගයට යෑමට තිබූ අවස්ථාව වර්ෂාව හේතුවෙන් මඟහැරී ගියේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 258 ක ඉලක්කයක් හඹා යෑමට දඹුල්ල කණ්ඩායම පිටියට පිවිසියද ඕවර 1.1 කදී වර්ෂාව ඇතිවීම හේතුවෙන් තරගය නතර කරනවිට කිසිවකු නොදැවී ලකුණු 17 ක් රැස්කර සිටියේය.
කාසියේ වාසිය දිනාගත් මහනුවර කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සදහා දඹුල්ල කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 49 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 257 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ. පෙරදින ඇතිවූ වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණය අවට තෙත බරිතවී තිබිම හේතුවෙන් තරග ආරම්භය ප්‍රමාදවීම නිසා තරගය එක් පිලකට ඕවර 49 කට සීමාවිය.
අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අශාන් ප්‍රියංජන් පන්දු 77 කට මුහුණදෙමින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 73 ක් රැස් කළේය. තිලකරත්න සම්පත් ලකුණු 42 ක් සහ සචිත්‍ර සේරසිංහ ලකුණු 41 ක් රැස්කරමින් දඹුල්ල කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.
චරිත් අසලංක සහ ජීවන් මෙන්ඩිස් කඩුලු 2 බැගින් දවාගනිමින් මහනුවර කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
දඹුල්ල කණ්ඩායම - ඕවර 49 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 257
(සචිත්‍ර සේරසිංහ 41, අශාන් ප්‍රියංජන් 73, තිලකරත්න සම්පත් 42, ළහිරු මදුශංක නොදැවී 34, චරිත් අසලංක 32/2, ජීවන් මෙන්ඩිස් 34/2)
මහනුවර කණ්ඩායම - ඕවර 1.1 කදී කිසිවකු නොදැවී ලකුණු 17
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.