Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය ලෙස ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර ඊයේ (19 වැනිදා) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් අත්කර ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 224 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායමට ඕවර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 221 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ අෂේන් ඩැනියෙල් සහ සුදීර තිලකරත්න කඩුලු 3 බැගින් දවාගනිමින් ගාල්ල කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.
ගාල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ පවන් රත්නායක පන්දු 68 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 54 රැස්කළ අතර සඳුන් මෙන්ඩිස් පන්දු 28 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 37 ක් රැස්කළේය. මෙම තරගයේදී ආරම්භක පිතිකරු ලෙස ක්‍රිඩා කළ ගාල්ල කණ්ඩායමේ නායක නවෝද් පරණවිතාන පන්දු 83 කදී ලකුණු 40 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම ඕවර 46.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 223 ක් රැස්කළ අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ සුපුන් සුමනරත්න (56) සහ රවිඳු රෂාන්ත (53) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
මුලු ලකුණු සංඛ්‍යාව 15 ක් වන විට දඹුල්ල කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලෙෂාන් අමරසිංහ ලකුණු 11 කට දැවී ගිය අතර එතැන් පටන් සුපුන් සහ රවිඳු එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 113 කදී ලකුණු 114 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ සඳුන් මෙන්ඩිස් ලකුණු 55 කට කඩුලු 3 ක් දවාගත් අතර නවෝද් පරණවිතාන, අෂේන් දිල්හාර සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 බැගින් දවාගනිමින් ගාල්ල කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
දඹුල්ල කණ්ඩායම - ඕවර 46.2 කදී සියලු දෙනා දැවී 223
(සුපුන් සුමනරත්න 56, රවිඳු රෂාන්ත 53, සුදීර වීරරත්න 17, දිනෙත් ජයකොඩි 29, සුදීර තිලකරත්න 17, ලක්ෂාන් ගමගේ 14, සඳුන් මෙන්ඩිස් 55/3, නවෝද් පරණවිතාන 29/2, අෂේන් දිල්හාර 38/2, දුනිත් වෙල්ලාලගේ 38/2)
ගාල්ල කණ්ඩායම - ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 221
(නවෝද් පරණවිතාන 40, පවන් රත්නායක 54, දුනිත් වෙල්ලාලගේ 31, සඳුන් මෙන්ඩිස් 37, අෂේන් ඩැනියෙල් 50/3, සුදීර තිලකරත්න 53/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.