Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දමිළ සංගම් පිලට ලකුණු 196 ක විශිෂ්ට ජයක්

දමිළ සංගම් පිලට ලකුණු 196 ක විශිෂ්ට ජයක්

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධානය කළ ප‍්‍රීමියර් ලීග් එක්දින කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (19 වැනිදා) පැවැති තරගයෙන් හලාවත මේරියන්ස් කී‍්‍රඩා සමාජය පරදවා ලකුණු 196 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට දමිළ සංගම් කී‍්‍රඩා සමාජය සමත්විය.
 
තරගය කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.
ලකුණු 301 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය හලාවත මේරියන්ස් කණ්ඩායමට  ඕවර 33.3 ක් තුළදී සියලූදෙනාම දැවී ලබාගත හැකිවූයේ ලකුණු 104 ක් පමණි.

දමිළ සංගම් කණ්ඩායම් නායක ජීවන් මෙන්ඩිස් ලකුණු 12 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත්විය.

මේරියන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් දමිළ සංගම් කණ්ඩායම  ඕවර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 300 ක් රැස්කළේය.

පබසර වඩුගේ (120) සහ අශේන් සිල්වා (35) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 107 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් දමිළ සංගම් කණ්ඩායමේ ලකුණු මට්ටම ඉහළ දැමූහ.

පන්දු 122 ක් කින් වාර්තා වූ පබසරගේ ශතකයට හතරේ පහර 17 ක් ඇතුළත් විය.


දමිළ සංගම් කණ්ඩායම  ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 300
( අශේන් සිල්වා 35, පබසර වඩුගේ 120, රුමේෂ් බුද්ධික 21, තිලකරත්න සම්පත් 20, ජීවන් මෙන්ඩිස් 33, දෙනුවන් රාජකරුණා 30, සමන් ජීවන්ත 54/3, නාරද රත්නායක 55/2)

හලාවත මේරියන්ස් කණ්ඩායම  ඕවර 33.3 කදී සියලූදෙනාම දැවී 104
(රෝහිත් මනෝදරන් 15, සමන් ජීවන්ත නොදැවී 25, ජීවන් මෙන්ඩිස් 12/5)

- 036


අදහස් (0)

දමිළ සංගම් පිලට ලකුණු 196 ක විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.