Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දමාගසන්නන් තවත් දෙන්නෙක් දැළේ

දමාගසන්නන් තවත් දෙන්නෙක් දැළේ

ශනුක අරවින්ද - 2014 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමීර් ක‍්‍රිකට් කණ්ඩායමේ මඳ වේග පන්දු යවන කී‍්‍රඩක මොහොමඞ් ශෙෂාඞ්ගේ සහ පිට දඟ පන්දු යවන කී‍්‍රඩක සල්මන් ෆාරුක්ගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට අන්තර් ජාතික කි‍්‍රකට් සභාවට වාර්තා වී තිබේ.

නොවැම්බර් මස 30 වැනිදා ඇෆ්ගනිස්තානයට එරෙහිව ඩුබායිහි පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයේදී මෙම කී‍්‍රඩකයන් දෙදෙනාගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට ප‍්‍රධාන විනිසුරුවරු තරග තීරකවරයාට පැමිණිළි කර තිබේ.

ඒ අනුව ඔවුන් දෙදෙනා තවත් දින 21 ක් තුළ අන්තර් ජාතික කි‍්‍රකට් සභාවේ පරීක්ෂණයකට සහභාගී විය යුතු අතර එම පරීක්ෂණයේ ප‍්‍රතිඵල ලැබෙන තෙක් ඔවුන්ට පෙර පරිදි ජාත්‍යන්තර තරග වලදී පන්දු යැවිය හැකිය.

පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට වාර්තා වූ තරගයේදී මොහොමඞ් ශේෂාඞ්  ඕවර 9  ක් යවා ලකුණු 51 කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත් විය.  

එම තරගය සල්මන් ෆාරුක්ගේ මංගල එක්දින ජත්‍යන්තර තරගය වූ අතර එහිදී ඔහු  ඕවර 6 ක් යැවූ මුත් එකදු කඩුල්ලක් හෝ දවාගැනීමට අසමත් විය.
කෙසේවුවත් එක්සත් අරාබි එමීර් පිලේ 3 වැනි පිතිකරු ලෙස පන්දුවට පහරදුන් ෆාරුක්, එහිදී ලකුණු 79 ක් ලබාගත් අතර තරගයෙන් එක්සත් අරාබි එමීර් පිලට කඩුලූ 6 ක ජයක් හිමිවිය.

-036


අදහස් (0)

දමාගසන්නන් තවත් දෙන්නෙක් දැළේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.