Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකානු සංචාරයත් අවිනිශ්චිත ලයිස්තුවට

දකුණු අප්‍රිකානු සංචාරයත් අවිනිශ්චිත ලයිස්තුවට

යොහාන් භාසුර - 2020 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙම වසරේ (2020) සහභාගි වීමට නියමිත අවසන් තරග සංචාරය වන දකුණු අප්‍රිකානු සංචාරයද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ටෙස්ට් තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය ලබන දෙසැම්බර් මසයේ සිට දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිතය. මෙම තරග සංචාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් කළ විමසුකදී පැවසුවේ එම සංචාරය පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි.

“මෙම සංචාරයට සහභාගි වීමට අපි සාකච්ඡා කරමින් ඉන්නවා. නමුත් අපිට තවම කියන්න බෑ මොකද වෙන්නෙ කියලා” යැයි ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.  

මෙම වසරේ ජූනි මස සිට අගෝස්තු මස දක්වා මාස තුනක කාලය තුළ දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල් තුන ටෙස්ට් තරගාවලි සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණ ද එම සංචාර තුනම කොරෝනා වයිරසයේ පැතිරීම හේතුවෙන් කල්දැමීමට සිදුවිය.

ආසියානු ක්‍රිකට් ශූරතාවලිය සැප්තැම්බර් මස එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබුණ ද එම තරගාවලියද ලබන වසරේ ජූනි මස දක්වා කල්දමා තිබේ. ශ්‍රී ලංකාව ලබන වසරේ (2021) සහභාගි වන පළමු තරගාවලිය ඉන්දියාවට එරෙහිව ජනවාරි මස ශ්‍රී ලංකාව්දී පැවැත්වීමට නියමිත බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම වසරේ ජනවාරි මාසයේදී සිම්බාබ්වේහිදී ටෙස්ට් තරග දෙකකටද ද, මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව එක්දින සහ විස්සයි-20 තරගාවලි දෙකකට පමණක් සහභාගි විය.  

 


අදහස් (0)

දකුණු අප්‍රිකානු සංචාරයත් අවිනිශ්චිත ලයිස්තුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.