Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකානුවෝ එති

දකුණු අප්‍රිකානුවෝ එති

editorial - 2021 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(කටුනායක ටී.කේ.ජී.කපිල )

එක්දින සහ විස්සයි-20 තරගාවලියක් සඳහා සහභාගිවන දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම , අද (26 වැනිදා) අලුයම කටුනායක ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණියේය. මෙම දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම කටාර් රාජ්‍යයේ දෝහා සිට, කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් පැමිණ තිබුණි .

කණ්ඩායම පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ. ඇමති ආරක්ෂක ඒකකයේ නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ දකුණු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඔවුන් නවාතැන් ගන්නා කො‍ළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය කරා කැඳවාගෙන යන ලදි.

ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි

 


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.