Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කාන්තා ලෝක කුසලාන (2022) ක්‍රිකට් තරගාවලියේ නමවැනි තරගය ලෙස දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර මවුන්ට් මන්ගනුයිහි බේ ඕවල් ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙවර තරගාවලියේදී දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම පිට පිටම ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙයයි.
ජයග්‍රහණය සඳහා ලකුණු 224 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට ශබ්නිම් ඉස්මයිල් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 49.5 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 217 ක් පමණි. එහිදී ශබ්නිම් ඉස්මයිල් ලකුණු 41 කට කඩුලු 3 දවාගත් අතර මරිසේන් කේප් සහ අයබොන්ගා ඛාකා කඩුලු 2 බැගින් බිඳහෙළුෑහ.
පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට ඔමයිමා සොහේල් (65) සහ නිඩා දාර් (55) සමත් වූහ. එහිදී පන්දු 104 කට මුහුණදුන් ඔමයිමා හතරේ පහර 7 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 72 කදී වාර්තා වූ නිඩාගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය. ආරම්භක පිතිකාරිණී නහිඩා ඛාන් පන්දු 71 කදී ලකුණු 40 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 223 ක් ලබාගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකාරිණී ලෝරා වුල්වර්ත් පන්දු 91 කදී හතරේ පහර 10 ක් සමග ලකුණු 75 ක් රැස්කළාය. නායිකා සුනී ලූස් (62) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 131 කදී ලකුණු 89 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද වූල්වර්ත් සමත් වූවාය.
පන්දු 102 කදී වාර්තා වූ සුනී ලූස්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. අවසන් ඕවර කිහිපයේදී වේගයෙන් ලකුණු රැස්කළ ක්ලියෝ ට්‍රයන් පන්දු 38 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 31 ක්ද, ටී්‍රෂා චෙට්ටි පන්දු 26 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 31 ක්ද රැස්කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
දකුණු අප්‍රිකානු කාන්තා පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 223
(ලෝරා වූල්වර්ත් 75, සුනී ලූස් 62, ක්ලියෝ ට්‍රයන් 31, ටී්‍රෂා චෙට්ටි 31, ෆාතිමා සානා 43/3)
පාකිස්තාන කාන්තා පිල - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 217
(නහිඩා ඛාන් 40, ඔමයිමා සොහේල් 65, නිඩා දාර් 55, ශබ්නිම් ඉස්මයිල් 41/3, මරිසේන් කේප් 43/2, අයබොන්ගා ඛාකා 43/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.