අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ගේට්වේ ජාත්‍යන්තර පාසල සහ හෙට්ටිපොල මහින්දෝදය මහ විදුහල අතර ඔබේගිරිය ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට මහින්දෝදය මහ විදුහල සමත් විය.
එහිදී විශිෂ්ට පිතිහරඹයක නිතර වූ තිෂර මධුෂාන් (244) ද්විත්ව ශතකයක් රැස්කරමින් මහින්දෝදය මහ විදුහලේ ලකුණු සංඛ්‍යාව 362 ක් දක්වා ඉහළ දැමුවේය.
ගේට්වේ ජාත්‍යන්තර පාසල - ඕවර 50.3 කදී කඩුලු 9 ක් දැවී 248
(ලෝකිත යාපා 52, මොහොමඞ් කලීෆ් 34, ට්‍රැනික්ෂාන් මනිවානන් 33, යුරේන් සෞභාග්‍ය 46/4, මලීෂ සේනානායක 27/3)
මහින්දෝදය මහ විදුහල - ඕවර 26 කදී කඩුලු 3 ක් දැවී 362
(තිෂර මධුෂාන් 244, මලින්ත දේෂාන් නොදැවී 49, රංග පුෂ්පකුමාර 29)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.