මහනුවර අස්ගිරිය කී‍්‍රඩාංගණයෙදී පැවැති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින් ගම්පහ බණ්ඩාරනායක විදුහල පරදවා ඉනිමක සහ ලකුණු 46 ක ජයක් වාර්තා කිරීමට මහනුවර ති‍්‍රත්ව විදුහල සමත්විය.
ති‍්‍රත්ව විදුහල මෙම තරග වාරයේදී ලද තෙවැනි පූර්ණ ජය මෙය වන අතර මින් පෙර ඔවුන් ගාල්ල ශාන්ත ඇල්වීෂියස් සහ කොළඹ නාලන්දා විදුහල් වලට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණ ලබා තිබේ.
ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 155 ක ඉලක්කයක් කරා ගිය බණ්ඩාරනායක විදුහලට සියුලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 109 ක් පමණි.
ති‍්‍රත්ව විදුහලේ තුන් ඉරියව් කී‍්‍රඩක චරිත් සුධාරක ලකුණු 65 කට කඩුලූ 8 ක් දවාගනිමින් සහ නොදැවී ලකුණු 56 ක් රැස්කරමින් ජයග‍්‍රහණයේ ප‍්‍රධාන කොටස්කරුවා බවට පත්විය.
පිට දඟ පන්දුයවන කී‍්‍රඩක රවීන් සේයර් ලකුණු 45 කට කඩුලූ 5 ක් දවාගනිමින්ද, චතුර ජයසුන්දර (68) සහ අර්ජුන ජයසිංහ (62) අර්ධ ශතක රැස්කරමින්ද තරගය ජයග‍්‍රහණය කරා රැගෙන යෑමට සිය දායකත්වය සැපයූහ.
බණ්ඩාරනායක විදුහල පළමු ඉනිම - ඕවර 39.1 කදී සියලූදෙනා දැවී 116
(ජේ. සසංක 39, රවීන් සේයර් 45/5, චරිත් සුධාරක 42/2)
ති‍්‍රත්ව විදුහල පළමු ඉනිම - ඕවර 53 කදී කඩුලූ 9 කට 271
(චතුර ජයසුන්දර 68, අර්ජුන ජයසිංහ 62, චරිත් සුධාරක නොදැවී 56, මාධව මුණවීර 34, එච්. හෙට්ටිආරච්චි 70/3, දිනිඳු සමෝධන 73/3)
බණ්ඩාරනායක විදුහල දෙවැනි ඉනිම - ඕවර 31 කදී සියලූදෙනා දැවී 109
(ඒ. එස්. අධිකාරි නොදැවී 60, චරිත් සුධාරක 23/6)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.