..................................................................................................................................................................
තරගයේ විරයා ඒ. බී. ඩිවිලිසර්ස්.... තරගාවලියේ වීරයා හෂිම් අම්ලා....
..................................................................................................................................................................
දකුණු අපි‍්‍රකාවට ලකුණු 82 ක පහසු ජයක්.... මෙම ජයග්‍රහණයත් සමග 3-1 ක් ලෙස එක්දින තරගාවලිය ජය ගැනීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමත්වෙයි....
...................................................................................................................................................................
ඕවර 44.3 - 257/10 - මාලිංග දැවී යයි
ජේ. පී. ඩුමිනිගේ පන්දුවක් හමුවේ ඔහුටම උඩපන්දුවක් දෙමින් ලසිත් මාලිංගද ලකුණු නොලබා දැවී යයි....
...................................................................................................................................................................
ඕවර 43.5 - 253/9 - සචිත්ර දැවී යයි
මොර්නි මෝකල්ගේ පන්දුවක් හමුවේ ජැක් කාලිස් අතට උඩපන්දුවක් දෙමින් සචිත්ර සේනානායක ලකුණු නොලබා දැවී යයි.... මෝකල් කඩුලු ති‍්‍රත්වයක් අබියස....
...................................................................................................................................................................
ඕවර 43.4 - 253/8 - හේරත් දැවී යයි
මොර්නි මෝකල්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකිමින් සිටි ක්වොන්ටම් ඩි කොක් අතට උඩපන්දුවක් දෙමින් රංගන හේරත් එක් ලකුණකට දැවී යයි....
...................................................................................................................................................................
ඕවර 41.4 - 249/7 - මැතිව්ස් දැවී යයි
රයන් මැක්ලරන්ගේ පන්දුවක් හමුවේ මොර්නි මෝකල් අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 58 ක් රැස්කරගෙන සිටි ඇන්ජලෝ මැතිව්ස් දැවී යයි....
...................................................................................................................................................................
ඕවර 41 - 247/6
අර්ධ ශතකය ලබා ගැනීමත් සමගම මැතිව්ස්ගෙන් දැවැන්ත හයේ පහරක්....
...................................................................................................................................................................
ඕවර 39.4 - 234/6 - පි‍්‍රයන්ජන් දැවී යයි
රයන් මැක්ලරන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකිමින් සිටි ක්වොන්ටම් ඩි කොක් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 30 ක් ලබා සිටි අශාන් පි‍්‍රයන්ජන් දැවී යයි....
...................................................................................................................................................................
ඕවර 37 - 224/5
නිමා වූ ඕවර දෙකේදීම හතරේ පහර දෙක බැගින් එල්ල කිරීමට ශී‍්‍ර ලංකා පිතිකරුවන් දෙදෙනා සමත් වෙද්දී, මැතිව්ස් කෙමෙන් කෙමෙන් තම අර්ධ ශතකයට ලගාවෙයි....
...................................................................................................................................................................
ඕවර 35 - 202/5
හය වැනි කඩුල්ලට ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනගමින් මැතිව්ස් සහ ප්‍රියන්ජන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200 සීමාව කාරා රැගෙන එති....
...................................................................................................................................................................
ඕවර 33 - 191/5
මැතිව්ස් (නොදැවී 26) සහ ප්‍රියන්ජන් (නොදැවී 15) සාර්ථක සම්බන්ධතාවක් ගොඩ නගමින් ඉදිරියට....
...................................................................................................................................................................
ඕවර 30 - 179/5
මැතිව්ස් ලකුණු රැස්කිරීම තරමක් වේගවත් කරයි....
...................................................................................................................................................................
ඕවර 26.1 - 159/5
මැතිව්ස්ගේ පාදයේ වැදුණ පන්දුව දැවී යාමක් ලෙසට දකුණු අපි‍්‍රකානුවන් කළ ඉල්ලීම විනිසුරුවන් විසින් ඉවත දමන ලද අතර එය විනිසුරු තීරණ විමසීමේ ක්‍රමයට යොමු කිරීමට පන්දු යවමින් සිටි ජේ. පී. ඩුමිනි කටයුතු කළේය.... නමුත් ඇතුළත ඉන්නට පිටතින් පන්දුවම පතිත වීම නිසා තෙවැනි විනිසුරුද එය දැවීයෑමක් නොවන බවට සංඥා කළේය....
...................................................................................................................................................................
ඕවර 24.2 - 151/5 - තිරිමාන්න දැවී යයි
පන්දු 37 කින් ලකුණු 22 ක් ලබා සිටි ලහිරු තිරිමාන්න, ජේ. පී. ඩුමිනිගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීම නිසා දැවී යයි....
...................................................................................................................................................................
ඕවර 23 - 148/4
මේ වන විට පන්දු 24 කට මුහුණදී සිටින නායක ඇන්ජලෝ මැතිව්ස් තවමත් ලබාගෙන ඇත්තේ ලකුණු 5 ක් පමණයි....
...................................................................................................................................................................
ඕවර 20.4 - 137/4
ජේ. පී. ඩුමිනිගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව ලහිරු තිරිමාන්න දැවීගිය කී‍්‍රඩකයකු ලෙස විනිසුරුවන් නම් කළද, එම තීරණය විනිසුරු තීරණ විමසීමේ ක්‍රමයට යොමුකළ තිරිමාන්න, තමා නොදැවුණ කී‍්‍රඩකයකු බව ඔප්පු කළේය.....
...................................................................................................................................................................
ඕවර 18 - 132/4
මැතිව්ස් සහ තිරිමාන්න කඩුල්ල ආරක්ෂා කරගනිමින් සුපරික්ෂාකාරී අයුරින් පන්දුවට පහර දෙන බවක් පෙනේ....
...................................................................................................................................................................
ඕවර 15 - 116/4
මැතිව්ස් සහ තිරිමාන්න ලකුණු ලබාගැනීමේ සටනක....
...................................................................................................................................................................
ඕවර 13.2 - 113/3 - මහේල දැවී යයි
ඉම්රාන් තාහිර්ගේ පන්දුවක් හමුවේ ඩේල් ස්ටේන් අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 2 ක් ලබා සිටි මහේල ජයවර්ධන දැවී යයි....
...................................................................................................................................................................
ඕවර 12.6- 113/3 - සංගක්කාර දැවී යයි
පිත්තේ දැරයේ දැවටී ගිය රයන් මැක්ලරන් යැවූ පන්දුව, කඩුලු රකින ක්වොන්ටම් ඩි කොක්ගේ දෑත් අතර සැගවී යෑම නිසා කුමාර් සංගක්කාර 36 කට දැවී ගියේය....
...................................................................................................................................................................
ඕවර 11.1 - 107/2 - ඩිල්ෂාන් දැවී යයි
ලකුණු 30 ක් ලබා සිටි ඩිල්ෂාන් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට නායක ඒ. බී. ඩිවිලියර්ස් සමත්වෙයි....
...................................................................................................................................................................
ඕවර 10 - 91/1
සංගක්කාරද ඩිල්ෂාන්ගේ රිද්මයට එක්වෙයි.... මේ වන විට සංගක්කාර පන්දු 18 කින් හතරේ පහර 4 ක් සමග ලකුණු 24 යි....
...................................................................................................................................................................
ඕවර 8 - 71/1
ඩිල්ෂාන් ක්‍රියාත්මක වෙයි.... මේ වන විට හතරේ පහර 4 ක් සමග පන්දු 16 කින් ලකුණු 23 කින්....
...................................................................................................................................................................
ඕවර 5.3 - 57/1 - කුසල් දැවී යයි
වේන් පනේල්ගේ පළමු ඕවරයේදීම ඒ. බී. ඩිවිලියර්ස් අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 37 ක් ලබා සිටි කුසල් ජනිත් දැවී යයි....
...................................................................................................................................................................
ඕවර 5 - 55/0
ඩේල් ස්ටේන්ගේ ඕවරයට ලකුණු 19 ක්.... කුසල්ගෙන් හතර් පහර දෙකක් සහ හයේ පහරක්....
...................................................................................................................................................................
ඕවර 4 - 33/0
මෝර්කල්ගේ ඕවරයේදී කුසල්ගෙන් හයේ පහරක් සහ ඩිල්ෂාන්ගෙන් හතරේ පහරක්....
...................................................................................................................................................................
ඕවර 2 - 11/0
මෝර්කල්ගේ ඕවරයේ අවසන් පන්දුවට හතරේ පහරක් එල්ල කළ ඩිල්ෂාන්, කුසල් සමග එක්ව ලකුණු රැස්කිරීම අරඹයි....
...................................................................................................................................................................
ස්ටේන්ගේ පළමු ඕවරයේ දෙවැනි පන්දුවටම කුසල්ගෙන් හතරේ පහරක්....
...................................................................................................................................................................
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන තිලකරන්ත ඩිල්ෂාන් සහ කුසල් ජනිත් පිටියට පිවිසෙති.... පළමු ඕවරය යැවීම සදහා ඩේල් ස්ටේන් කැදවයි....
...................................................................................................................................................................
තරගය ජය ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 340 ක් රැස්කළ යුතුය....
...................................................................................................................................................................
ඕවර 50 - 339/5
මාලිංගගේ අවසන් ඕවරයේදී ලකුණු 11 ක් උදුරාගැරනීමට ඩේවිඩ් මිලර් සහ රයන් මැක්ලරන් සමත්වෙති....
...................................................................................................................................................................
ඕවර 48.5 - 328/5 - ඩුමිනි දැවී යයි
සිව්වැනි පන්දුවේදී ඩිවිලියර්ස් දවාගත් මෙන්ඩිස් නැවතත් වරක් ක්‍රියාත්මක වෙමින් ඊලග පන්දුවේදීම ජේ. පී. ඩුමිනිවද දවාගැනීමට සමත්වෙයි.... ලකුණු 29 ක් ලබා සිටි ඩුමිනි දවාගැනීමට මෙන්ඩිස් සමත්වූයේ තමන් අතටම උඩ පන්දුවක් ලබාගනිමිනි....
...................................................................................................................................................................
ඕවර 48.4 - 328/4 - ඩිවිලියර්ස් දැවී යයි
49 වැනි ඕවරය යවන මෙන්ඩිස්ගේ පළමු පන්දුවට හයේ පහරක් එල්ල කළ ඩිවිලියර්ස්, සිව්වැනි පන්දුවේදී අශාන් ප්‍රියන්ජන් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යයි. දැවීයන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 108 කි....
...................................................................................................................................................................
ඕවර 48 - 320/3
ඩිවිලියර්ස්ගේ රිද්මයට එක්වූ ඩුමිනි මාලිංගයේ ඕවරයේදී හතරේ පහර දෙකක් එල්ල කරයි....
...................................................................................................................................................................
ඒ. බී. ඩිවිලියර්ස් පන්දු 67 කින් තම ශතකය සම්පූර්ණ කරයි.... හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් ඔහු එම ශතකයට ඇතුළත් කර තිබේ.... මෙය ඔහුගේ 17 වැනි එක්දින ශතකයයි....
...................................................................................................................................................................
මැතිව්ස්ගේ පන්දු දෙකකට පිට පිට හතරේ පහර දෙකක් එල්ල කළ ඩිවිලියර්ස් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවට රැගෙන යයි....
...................................................................................................................................................................
ඕවර 46 - 292/3
මාලිංගගේ පන්දුවකට ඩිවිලියර්ස්ගෙන් දැවැන්ත හයේ පහරක්.... එම ඕවරයේදීම ඩුමිනිගෙනුත් ඊට නොදෙවෙනි තවත් දැවැන්ත හයේ පහරක්....
...................................................................................................................................................................
සචිත්රගේ පන්දු දෙකකට ඩිවිලියර්ස් පිට පිට හතරේ පහර දෙකක් එල්ල කරයි....
...................................................................................................................................................................
ඕවර 44 - 264/3
ඩිවිලියර්ස් පන්දුවට පරහදීමේ වේගය වැඩි කරයි.... මේ වන විට පන්දු 56 කට මුහුණදී සිටින ඔහු හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 72 කි....
...................................................................................................................................................................
ඕවර 42 - 259/3
හේරත්ගේ ඕවර 10 නිමයි.... ඒ තුළදී ප්‍රතිවාදීන්ට ලකුණු 48 ක් ලබාදුන් රංගන, දවාගත් කඩුලු සංඛ්‍යාව 2 යි....
...................................................................................................................................................................
නව පිතිකරු ජේ. පී. ඩුමිනි පිටියට එයි.... ඒ සමගම දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 250 සීමාව පසුකරයි....
...................................................................................................................................................................
ඕවර 40.4 - 248/3 - කුක් දැවී යයි
සචිත්ර සේනානායකගේ පන්දුවක් හමුවේ අජන්ත මෙන්ඩිස් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 128 ක් ලබාසිටි ක්වෝන්ටම් ඩි කොක් දැවී යයි.... මෙය කොක් රැස්කළ දෙවැනි වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාව ලෙසද සදහන් වේ....
...................................................................................................................................................................
ඕවර 40 - 244/2
කොක් (නොදැවී 124) සහ ඩිවිලියර්ස් (නොදැවී 64) ප්‍රවේගකාරී පිතිකරණ රටාවක නිරත වෙමින් වේගයෙන් ලකුණු තත්ත්වය ඉහළ දැමීමේ උත්සහයක.... හේරත් යැවූ 40 වැනි ඕවයේ කොක් හතරේ පහරක් එල්ල කරද්දී, ඩිවිලියර්ස් හයේ පහරක් එල්ල කරයි....
...................................................................................................................................................................
මාලිංගට නැවතත් ඩිවිලියර්ස්ගෙන් පිට පිට හතරේ පහර 2 ක සංග්‍රහයක්.... ඒ සමගම ඩිවිලියර්ස් සිය එක්දින ක්‍රිකට් දිවියේ 38 වැනි අර්ධ ශතකය පන්දු 43 කදී රැස්කරයි....
...................................................................................................................................................................
ඕවර 37 - 212/2
ලකුණු 200 සීමාවද පසුකරමින් සාර්ථක ලෙස ඉදිරියට යන දකුණු අප්‍රිකානු පිතිකරුවන් දෙදෙනා අතර මේ වන විට තෙවැනි කඩුල්ල සදහා ඇතිවී තිබෙන නොබිදුණ සම්බන්ධතාව ලකුණු 80 කි....
...................................................................................................................................................................
පෙර ඕවරයේදී ඩිවිලියස්ගේ ප්‍රහාරයට ලක්වීම නිසා මෙන්ඩිස්ගේ පන්දුයැවීම නවතා ඔහු වෙනුවට ලසිත් මාලිංග කැදවීමට මැතිව්ස් පියවර ගත්තේය.... කෙසේ වුවත් මැතිව්ස්ගේ එම උපායද අසාර්ථක කළ ඩිවිලියස් මාලිංගගේ ඕවරයටද හතරේ පහර 2 ක් එල්ල කරමින් තම අර්ධ ශතකයට ලගාවිය.....
...................................................................................................................................................................
ඕවර 35 - 192/2
සිය එක්දින ක්‍රිකට් දිවියේ පස්වැනි ශතකය රැස්කිරීමට ක්වොන්ටම් ඩි කොක් සමත්වෙයි.... මෙය ඔහු අවසන් වරට ක්‍රීඩා කළ ඉනිම් 6 තුළදී රැස්කළ 4 වැනි ශතකයද වේ.... මේ වන විට හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් සිය ඉනිම සැරසීමට ඔහු සමත්වී තිබේ....
...................................................................................................................................................................
ඕවර 32 - 169/2
හේරත්ගේ ස්ථානයේ පන්දුයැවීමට පැමිණි මෙන්ඩිස්, ඩිවිලියර්ස්ගේ ප්‍රහාරයට ලක්වේ.... එම ඕවරයේ දෙවැනි සහ තෙවැනි පන්දු වලට ඩිවිලියර්ස්ගෙන් හතරේ සහ හයේ පහර දෙකක්.... ඒ සමගින් ඩිවිලියර්ස්ගේ මුලු ලකුණු සංඛයාව 27 දක්වා ඉහළ යයි....
...................................................................................................................................................................
ඕවර 30 - 152/2
මෙන්ඩිස්ගේ ස්ථානයේ පන්දුයැවීම සදහා ඩිල්ෂාන් කැදවද්දී, කොක්ගේ සහයට පැමිණි නව පිතිකරු නායක ඒ. බී. ඩිවිලියර්ස් සාර්ථක ලෙස පන්දුවට පහරදෙයි....
...................................................................................................................................................................
ඕවර 27 - 140/2
අධිවේගී ඕවර 5 තුළ දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට රැස්කරගත හැකිවූයේ ලකුණු 17 ක් පමණයි.... දග පන්දුයවන්නන් තරගය තමන් වෙත හරවාගෙන ඇති බවයි පෙන්නේ....
...................................................................................................................................................................
ඕවර 25.3 - 132/2 - කාලිස් දැවී යයි
රංගන හේරත්ගේ පන්දුවක් ඉදිරි පාදයේ වැදීමෙන් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව ජැක් කාලිස් දැවී යයි.... එම දැවීයෑම විනිසුරු තීරණ විමසීමේ ක්‍රමය යටතේ තෙවැනි විනිසුරුට යොමුකිරීමට කාලිස් පියවර ගත්තද එය සාර්ථක නොවීය....
...................................................................................................................................................................
ඕවර 25 - 131/1
ජැක් කාලිස් තරමක් අසිරුවෙන් ශ්‍රී ලංකා දග පන්දුයවන්නන්ට මුහුණදෙද්දී, ක්වොන්ටම් ඩි කොක් තම සුපුරුදු ක්‍රීඩා විලාශය තවදුරටත් පවත්වාගෙන යයි....
...................................................................................................................................................................
ඕවර 23 - 123/1
හේරත් සමගින් අධිවේගී ඕවර 5 යැවීම සදහා නැවතත් අජන්ත මෙන්ඩිස් කැදවයි.... පිටියට පැමිණි නව පිතිකරුවා ජැක් කාලිස්....
...................................................................................................................................................................
ඕවර 21.3 - 118/1 - අම්ලා දැවී යයි
පිතිකරුවන්ගේ අධිවේගී ඕවර පහේ පළමු ඕවරය යැවූ රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ සචිත්ර සේනානායක අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 48 ක් ලබා අර්ධ ශතකය පෙනෙන මානයේ සිටි හෂීම් අම්ලා දැවීයයි....
...................................................................................................................................................................
පිතිකරුවන්ට ලබාදෙන අධිවේගී (පවර් ප්ලේ) ඕවර 5, 22 වැනි ඕවරයේ සිට 26 වැනි ඕවරය දක්වා ලබාගැනීමට දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා තීරණය කරයි....
...................................................................................................................................................................
ඕවර 20 - 111/0
නිතර නිතර සිදුවන ශ්‍රී ලංකා කණ්ඩාමේ පන්දුයැවීමේ වෙනස්කම් වලට නොබියව මුහුණ දෙන දකුණු අප්‍රිකානු පිතිකරුවන් දෙදෙනා කෙමෙන් කෙමෙන් ඉදිරියට....
...................................................................................................................................................................
ඕවර 18 - 100/0
කොක් (නොදැවී 61) සහ අම්ලා (නොදැවී 37) දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක සම්බන්ධාතවයක් ගොඩ නගයි....
...................................................................................................................................................................
පන්දුයැවීමේ වෙනසක්.... දග පන්දුයැවීම නවතා නැවතත් වේග පන්දුයැවීම ක්‍රියාත්මක කිරීමට මැතිව්ස් තීරණය කරයි.... ඒ අනුව හේරත් සහ ඩිල්ෂාන් වෙනුවට මාලිංග සහ මැතිව්ස් පන්දුයැවීමට පැමිණේ....
...................................................................................................................................................................
ඕවර 16 - 88/0
හේරත්ගේ ඕවර 3 ට ලකුණු 8 යි.... ඩිල්ෂාන්ගේ ඕවර 2 කට ලකුණු 10 යි....
...................................................................................................................................................................
ඕවර 14 - 81/0
ඩිල්ෂාන්ගේ පළමු ඕවරයේ අවසන් පන්දුවට හතරේ පහරක් එල්ල කළ කොක්, ඒ සමගින් තම අර්ධ ශතකය සම්පූර්ණ කරයි.... මේ වන විට ඔහු පන්දු 50 කින් හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකණු 53 ක් රැස්කරගෙන සිටියි....
...................................................................................................................................................................
මෙන්න මැතිව්ස්ගෙන් තවත් පන්දුයැවීමේ වෙනසක්.... එක් ඕවරයක් පමණක් යවා සිටි මෙන්ඩිස්ගේ ස්ථානයේ පන්දුයැවීම සදහා තිලකරත්න ඩිල්ෂාන් කැදවයි....
...................................................................................................................................................................
ඕවර 12 - 71/0
මෙන්ඩ්ස්ගේ පළමු ඕවරයට ලකුණු 6 යි.... හේරත්ගේ පළමු ඕවරයට ලකුණු 1 යි....
...................................................................................................................................................................
මැතිව්ස් සිය පන්දුයැවීම නවතා එම අන්තයෙන් පන්දුයැවීම සදහා අජන්ත මෙන්ඩිස් කැදවන අතර අනෙක් අන්තයෙන් පන්දුයවමින් සිටි සචිත්රගේ පන්දුයැවීමද නවතා එම අන්තයෙන් පන්දුයැවීමට රංගන හේරත් කැදවයි.... පෙනෙන ආකාරයට මැතිව්ස්ගේ අදහස කෙසේ හෝ කඩුල්ලක් ලබාගනිමින් ආරම්ක කඩුල්ලේ සම්බධතාව ඉතා ඉක්මනින් බිද දැමීයි....
...................................................................................................................................................................
ඕවර 10 - 64/0
සචිත්රගේ පන්දුවක් හමුවේ ලකුණු 38 ක් රැස්කරගෙන සිටි කොක් ලබාදුන් තරමක් අපහසු උඩපන්දුවක් ඉතා අවාසනාවන්ත ලෙස එක්ස්ට්‍රා කවර්හි පන්දු රකිමින් සිටි අශාන් ප්‍රියන්ජන් අතින් ගිලිහී යයි....
...................................................................................................................................................................
ඕවර 8 - 47/0
කොක් (නොදැවී 31) සහ අම්ලා (නොදැවී 14) දකුණු අප්‍රිකානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ගෙන දෙන බවයි පෙනෙන්නේ....
...................................................................................................................................................................
ඕවර 6 - 37/0
මැතිව්ස්ගේ පළමු ඕවරයට ලකුණු 6 ක් පමණයි.... අනෙක් අන්තයෙන් පන්දුයවන සචිත්‍රද, මේ වන විට ඕවර 3 ක් යවා ඉන් ප්‍රතිවාදීන්ට ලබාදී ඇත්තේ ලකුණු 11 ක් පමණයි....
...................................................................................................................................................................
ඕවර 4 - 25/0
පස්වැනි ඕවරය යැවීම සදහා මැතිව්ස් පැමිණෙයි.... එම අන්තයෙන් පන්දුයවමින් සිටි මාලිංග දැඩි ප්‍රහාරයට ලක්වීම ඊට හේතුව විය හැකියි....
...................................................................................................................................................................
ඕවර 2 - 14/0
නව පන්දුවෙන් පන්දුයැවීමේ අභියෝගය භාරගත් සචිත්‍රගෙන් අගනා පන්දු යැවීමක්.... පෙර ඕවරයේදී හතරේ පහර 3 ක් එල්ල කළ ක්වොන්ටම් ඩි කොක්, සචිත්රගේ ඕවරයේ පන්දු 5 කදී එකදු ලකුණක් හෝ රැස්කිරීමට අපොහොසත් වෙයි....
...................................................................................................................................................................
මැතිව්ස්ගෙන් කදිම තීරණයක්.... දැවැනි ඕවරය යැවීම සදහා ඔහු සචිත්ර සේනානායක කැදවයි.... කෙසේ වුවත් දග පන්දුයවන්නකුට නව පන්දුවෙන් පන්දුයැවීම එතරම් පහසු කාර්යක් නොවේ....
...................................................................................................................................................................
ඕවර 1 - 13/0
ලසිත් මාලිංග පළමු ඕවරයේදීම ක්වොන්ටම් ඩි කොක්ගේ දැඩි ප්‍රහාරයට ලක්වන බව පෙනේ.... එම ඕවරයේ තෙවැනි, සිව්වැනි සහ අවසන් පන්දු වලට කොක්ගෙන් හරතරේ පහර තුනක්....
.....................................................................................................................................................................
අතිරේක පන්දුයවන්නකු වන තිලකරන්ත ඩිල්ෂාන්ද පෙර තරගයේදී කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමද ශ්‍රී ලංකා කණ්ඩායමට අමතර වාසියක් ගෙන දෙනු ඇත.....
.....................................................................................................................................................................
කුලසේකරගේ ස්ථානයට රංගන හේරත් කැදවීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය එක් වේග පන්දුයවන්නකුගෙන් සහ දග පන්දුයවන්නන් තිදෙනකුගෙන් ක්‍රීඩා කිරීමට සිදුවේ.... කෙසේ වුවත් නායක ඇන්ජලෝ මැතිව්ස්ද වේග පන්දු යවන්නකු ලෙස සැලකිය හැකි නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට අද කුලසේකරගේ අඩුව එතරම් තදින් දැනෙන එකක් නැති බවයි පෙනෙන්නේ....
.....................................................................................................................................................................
දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා පිටියට.... පළමු ඕවරය යැවීම සදහා ලසිත් මාලිංග කැදවයි....
.....................................................................................................................................................................
කණ්ඩායම් දෙකේම එක් වෙනස බැගින් සිදුකර ඇති බැව් පෙනේ.... ශ්‍රී ලංකා කණ්ඩායෙමේ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර වෙනුවට දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් කැදවා ඇති අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක වර්නන් ෆිලෙන්දර් වෙනුවට තවත් වේගපන්දු යවන ක්‍රීඩකයකු වන වේන් පනේල් කැදවා තිබේ....
.....................................................................................................................................................................
පෙනෙන ආකාරයට ඩිවිලිර්ස්ගේ අදහස කොළඹ පැවති පළමු එක්දින තරගයේදී මෙන් මෙම තරගයේදීද පළමුවෙන් පන්දුවට පහරදී විශාල ලකුණු සංඛ්‍යාවක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සවස් වරුවේ පන්දුවට පහරදීමේ අසීරැ අභියෝගය එල්ල කිරීමටයි.... ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී සවස් වරුවේ ඇතිවූ මන්දාලෝක තත්ත්වය නිසා ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන් මහත් අපහසුතාවකට මුහුණුදුන් බව මෙහිදී කිව යුතුය....
.....................................................................................................................................................................
කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායක ඒ. බී. ඩිවිලිර්ස් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා....
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.