
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කළුතර තිස්ස මැදි විදුහල සහ මාතර රාහුල විදුහල අතර කළුතරදී පැවැති දෙදින තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට තිස්ස මැදි විදුහල සමත් විය.
එහිදී තිස්ස මැදි විදුහලේ හේසිත අනුහස් (89) සහ මිනූෂ මලිත් (73) ද, රාහුල විදුහලේ සදෙව් රිත්මක (51) ද අර්ධ ශතක ලබාගත් අතර රාහුල විදුහලේ සසිනු බට්ටගේ ලකුණු 53 කට කඩුලු 9 ක්ද, තිස්ස මැදි විදුහලේ මාලින්ද දිල්ෂාන් ලකුණු 110 කට කඩුලු 9 ක්ද දවාගත්හ.
තිස්ස මැදි විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 252
(හේසිත අනුහස් 89, මිනූෂ මලිත් 73, අජිත ද සිල්වා 33, සසිනු බට්ටගේ 26/4, මිනුග ලක්විදු 29/3)
රාහුල විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 172
(සේලක පීරිස් 42, සසිනු බට්ටගේ 32, මාලින්ද දිල්ෂාන් 54/6, තිවේන් විෂ්මික 25/2)
තිස්ස මැදි විදුහල් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 99
(අජිත ද සිල්වා නොදැවී 16, සසිනු බට්ටගේ 27/5, සදෙව් රිත්මක 32/5)
රාහුල විදුහල් දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 174
(සදෙව් රිත්මක 51, සේලක පීරිස් 39, මාලින්ද දිල්ෂාන් 55/3, සමින්ජිත් ද සිල්වා 11/2, හිරුෂ සිල්වා 50/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.