Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තිසරගේ ටයිගර්ස් පිල තෙවැනි තැන හිමිකර ගනී

තිසරගේ ටයිගර්ස් පිල තෙවැනි තැන හිමිකර ගනී

editorial - 2019 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති දහයයි10 ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ස්ථානය තෝරාගැනීම සඳහා බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සහ කොලෑන්ඩර්ස් කණ්ඩායම අතර ඊයේ (24 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත් විය.   

ජයග්‍රහණය සඳහා ලකුණු 110 ක ඉලක්කයක් හඹාගිය ටයිගර්ස් ක්‍රීඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී මුහුණදුන් පළමු පන්දුවටම දැවැන්ත හයේ පහරක් එල්ල කළ නායක තිසර පෙරේරා ටයිගර්ස් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

ආරම්භක පිතිකරුන් ලෙස කටයුතු කළ ඇන්ඩි්‍ර ෆ්ලෙචර් (52) සහ රිලී රූසොව් (31) පන්දු 35 කදී ලකුණු 73 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් ටයිගර්ස් කණ්ඩායමේ ජයග්‍රහණයට මනා අඩිතලමක් දැමූහ. පන්දු 30 කට මුහුණදුන් ෆ්ලෙචර් හයේ පහර 4 කින් සහ හතරේ පහර 3 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 15 කදී වාර්තා වූ රූසොව්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොලෑන්ඩර්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 109 ක් ලබාගත් අතර කොලෑන්ඩර්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් නායක ඬේවිඞ් මැලන් පන්දු 17 කදී නොදැවී ලකුණු 24 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

පීටර් ට්‍රේගෝ (නොදැවී 23) සහ පිලිප් සැල්ට් (නොදැවී 30) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 57 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් කොලෑන්ඩර්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. පන්දු 15 කදී වාර්තා වූ සැල්ට්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ ප්‍රභාත් ජයසූරිය පිට පිට පන්දු 2 කදී කඩුලු 2 ක් දවාගනිමින් කොලෑන්ඩර්ස් කණ්ඩායම පීඩනයට පත්කළ අතර සිය ඕවර 2 ලකුණු 14 කට සීමා කිරීමටද ඔහු සමත් විය. නායක මැලන් දැවී ගියේ කෙවින් කොත්තිගොඩගේ පන්දුවක් කඩුල්ලේ දැවටීම හේතුවෙනි.


කොලෑන්ඩර්ස් පිල - ඕවර 10 කදී කඩුලු 3 ක් දැවී 109
(ඩේවිඩ් මැලන් 24, ලුක් රොන්කි 19, පීටර් ට්‍රේගෝ නොදැවී 23, පිලිප් සැල්ට් නොදැවී 30, ප්‍රභාත් ජයසූරිය 14/2)

බංග්ලා ටයිගර්ස් පිල - ඕවර 9.4 කදී කඩුලු 4 ක් දැවී 113
(ඇන්ඩ්‍රි ෆ්ලෙචර් 52, රිලී රූසොව් 31)


-036

 


අදහස් (0)

තිසරගේ ටයිගර්ස් පිල තෙවැනි තැන හිමිකර ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.