Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තායිලන්ත ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති

තායිලන්ත ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (9 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට තායිලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙම තරගය කුවාලාලාම්පූර් නුවරදී පැවැත්විණ.

ජයග්‍රහණය සඳහා ලකුණු 105 ක ඉලක්කයක් හඹාගිය තායිලන්ත කණ්ඩායම කඩුලු 6 ක් දැවී අවසන් පන්දුවේදී එම ඉලක්කය සපුරාගත්තේය. ආරම්භක පිතිකාරිණි නරුඑමෝල් චායිවායි හතරේ පහර 3 ක් සමග ලකුණු 43 ක් රැස්කරමින් තායිලන්ත කණ්ඩායමේ ජයග්‍රහණයට මනා දායකත්වයක් සැපයූවාය.

සුගන්ධිකා කුමාරි හැරුණුකොට සෙසු ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සියලු දෙනාම පාහේ තායිලන්ත පිතිකාරිණියන්ගේ ප්‍රහාරයට ලක්වූ අතර එහිදී නිලක්ෂි ද සිල්වා ලකුණු 17 කට කඩුලු 2 ක් දවාගත්තාය.  

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 104 ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූ අනුෂ්කා සංජීවනී පන්දු 45 කදී ලකුණු 32 ක් රැස්කළේ හතරේ පහරක් සමගිනි.

ශ්‍රී ලංකා පිතිකාරිණියන් 8 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී ගිය අතර ඉන් තිදෙනෙක්ම දැවී ගියේ දුවද්දී දැවීයෑම්වලට හසුවෙමිනි.

එහිදී විශිෂ්ඨ පන්දුයැවීමක නිතර වූ වොන්පේකා ලියෙන්ප්‍රාසර්ට් ලකුණු 12 කට කඩුලු 5 ක් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට පුරෝගාමී වූවාය.


ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී සියලු දෙනා දැවී 104  
(යසෝදා මෙන්ඩිස් 22, අනුෂ්කා සංජීවනී 32, ඕෂදී රණසිංහ නොදැවී 20, වොන්පේකා ලියෙන්ප්‍රාසර්ට් 12/5, සොර්නරීන් ටිපෝච් 19/2)

තායිලන්ත කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 105
(නරුඑමොල් චායිවායි 43, නටායා බෝචතාම් 19, නිලක්ෂි ද සිල්වා 17/2)


- 036

 


අදහස් (0)

තායිලන්ත ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.