ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත් විය.
මොරටුව වේල්ස් කුමර විදුහල සහ ත්‍රිත්ව විදුහල අතර කුරුණෑගල ශාන්ත ආනා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර එහිදී ලැබූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව ත්‍රිත්ව විදුහල තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ත්‍රිත්ව විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 50 ක් ලබා සිටි අතර පුබුදු බණ්ඩාර නොදැවී ලකුණු 26 ක් ලබා කඩුල්ලේ රැදී සිටියේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් වේල්ස් කුමර විදුහල කඩුලු 9 ක් දැවී ලකුණු 248 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවා ත්‍රිත්ව විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. එහිදී වේල්ස් කුමර විදුහල වෙනුවන් අර්ධ ශතක ලබාගැනීමට සුවත් මෙන්ඩිස් (64) සහ සනෝජ් දර්ෂික (57) සමත් වූහ.
වේල්ස් කුමර විදුහල් පළමු ඉනිම - ඕවර 120.1 කදී කඩුලු 9 ක් දැවී 248
(සුවත් මෙන්ඩිස් 64, සනෝජ් දර්ෂික 57, අවිඳු ප්‍රනාන්දු 26, සඳුන් ප්‍රනාන්දු 24, සවිඳු පීරිස් 20, තිසරු දිල්ෂාන් 27/2, කවිෂ්ක සේනාදීර 41/2, විමුක්ති නෙතුමාල් 80/2)
ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 12 කදී කඩුල්ලක් දැවී 50
(පුබුදු බණ්ඩාර නොදැවී 26)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.