Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තවත් පුහුණුකරුවෙක් අවදානම් කලාපයේ

තවත් පුහුණුකරුවෙක් අවදානම් කලාපයේ

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන අංශය විසින් ඉදිරි සතියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු අංශයේ ප්‍රධානියකුට එරෙහිව ද මුදලට තරග පාවාදීමට සම්බන්ධ යැයි චෝදනා ගොනු කිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් මීට පෙර මෙම චෝදනාව මූලික කරගෙන එම පුහුණුකරුවාගෙන් ප්‍රශ්න කර තිබේ.

මෙම චෝදනාව යටතේ මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තහනමක් පනවා ඇති පුහුණුකරුවකු මෙම පුහුණු ප්‍රධානියා පිළිබඳව හෙළි කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමෙදී පැවසුවේ අදාල පුහුණු ප්‍රධානියා පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් සභාව ගන්නා ඉදිරි පියවර පිළිබඳව තමන් නොදන්නා බවයි.

“ඔහුට එවැනි චෝදනාවක් එල්ල වුවහොත් අපි ආයතනික මට්ටමින් පියවර ගන්නවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

තවත් පුහුණුකරුවෙක් අවදානම් කලාපයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.