බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත සිවුදින ක‍්‍රිකට් තරගාවලියේ මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී අද (25) ආරම්භ වූ තෙවැනි සහ අවසන් තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් ඕවර 66 කදී අවසන් කරන විට බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 239 ක් රැස්කර සිටියේය.
පළමු දිනයේ ක‍්‍රීඩාව අවසන් කරන විට චැඞ්වික් වෝල්ටන් (නොදැවී 16) සහ නායක කාලෝස් බ‍්‍රැත්වයිට්ඩ (නොදැවී 18) පන්දුවට පහර දෙමින් සිටියහ.
තේ පානයෙන් පසුව දැඩි වර්ෂාව ඇද හැළීම නිසා තරගය අත්හිටුවීමට සිදුවිය.
ආරම්භක පිතිකරු අසාද් ෆුඩින් පන්දු 187 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 103 ක් ලබා සිටියදී හයවැනි කඩුල්ල ලෙස තේ පානයෙන් පසුව දැවී ගියේය.
යොවුන් පිට දග පන්දු යවන ක‍්‍රීඩක තරිදු කෞෂාල් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 94 කට කඩුලූ 5 ක් දවා ගනිමින් පළමු දිනයේ වීරයා බවට පත්විය.
ක්‍රෙග් බ‍්‍රැත්වයිට් (75) සහ අසාද් ෆුඩින් ලකුණු 137 ක ආරම්භක සම්බන්ධතාවක් පැවැත්වුව ද, ලකුණු 41 ක් තුළ කඩුලූ 5 ක් බිද වැටීමෙන් ඉනිම අඩපණ විය.
කොදෙව් ‘ඒ’ පිලේ නායක කාලෝස් බ‍්‍රැත්වයිට් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලට ආරම්භක පිතිකරු කුසල් පෙරේරා සහ පා දග පන්දු යවන චතුරංග ද සිල්වා මෙම තරගයේදී ක‍්‍රීඩා කරති.
මෙම තරගයේදී කොදෙව් පිලට ජොනතන් කාටර්, සුනිල් ඇම්බි‍්‍රස් සහ දේවේන්ද්‍ර බිෂූ යන ක‍්‍රීඩකයෝ කැදවා සිටිති.
හෙට (26) තරගයේ දෙවැනි දිනයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.