Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තර්ස්ටන් විදුහලේ කවින්දගෙන් ශතකයක්

තර්ස්ටන් විදුහලේ කවින්දගෙන් ශතකයක්

දිලිනි මල්රුක්ෂි - 2014 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ කොළඹ අශෝක විදුහලට එරෙහිව කොළඹ තර්ස්ටන් විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයේදී නොදැවී ලකුණු 102 ක් රැුස්කිරීමට තර්ස්ටන් විදුහලේ කවින්ද පෙරේරා සමත්විය.

පන්දු 100 කදී වාර්තා වූ කවින්දගේ ශතකයට හතරේ පහර 16 ක් ඇතුළත්විය.

වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමීමට සිදුවූ අතර ඒ විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි අශෝක විදුහල කඩුලූ 2 ක් දැවී ලකුණු 35 ක් ලබා සිටියේය.  

පළමුවෙන් පන්දුවට පහරදුන් තර්ස්ටන් විදුහල, පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 8 ක් දැවී ලකුණු 241 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා අශෝක විදුහලට පන්දුවට පහරදීමට ආරාධනා කර සිටියේය.

තර්ස්ටන් විදුහල -  ඕවර 64 කදී කඩුලූ 8 ක් දැවී 241
(කවින්ද පෙරේරා නොදැවී 102, ජයෂාන් මහවිතාන 66, විහඟ ජයමාන්න 21, සරත් කුමාර 42/3, බෙනුර ශාඛ්‍ය 39/2)

අශෝක විදුහල -  ඕවර 16.1 කදී කඩුලූ 2 ක් දැවී 35
(අශාන් සචින්තන නොදැවී 14, චතුර සෙනෙවිරත්න 18/2)

036


අදහස් (0)

තර්ස්ටන් විදුහලේ කවින්දගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.