Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තරග සියල්ලම අතර මග නවතී
නැඟී එන කණ්ඩායම් තරගාවලිය

තරග සියල්ලම අතර මග නවතී

editorial - 2022 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අන්තර් ක්‍රීඩා සමාජ නැගී එන කණ්ඩායම් තරගාවලියේ තරග 6 ක් හෙටින් අවසන් වීමට නියමිතව තිබූ නමුත් එම තරග අද දිනයේම නිමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තරග කමිටුව උපදෙස් දී තිබේ. ඒ අනුව අද පැවත්වෙමින් තිබූ තරග දෙවැනි දිනයේදීම අවසන් කිරීමට විනිසුරුවරු සහ තරග තීරකවරු පියවර ගත්හ.

සඳුදා පෙරවරු 6.00 තෙක්, දිවයින පුරා බලපැවැත්වෙන පරිදි, අද සවස පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් නැඟී එන තරගාවලියේ තරග දින දෙකකින් අවසන් කිරීමට පියවර ගැනිණ.

“ඉරිදා පැවැත්වීමට තිබූ ජනතා ඒකරාශීවීම් සම්බන්ධයෙන් අපි කල්තියාම අවධානය යොමු කළා. ඒ හේතුවෙන් ඇඳිරි නීතිය පැනවේවි කියලා කිසියම් අනුමානයක් අපට තිබුණා.....”
“ඒ හින්දා නැඟී එන තරගාවලියේ අවසන් සති අන්තයේදී පමණක් තරග දින දෙකකින් අවසන් කරන්න අපි කල්තියාම උපදෙස් දීලා තිබුණේ..” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම තත්ත්වය අනුව හෙටින් අවසන් වීමට නියමිත නැඟී එන තරගාවලියේ තරග 6 ක් අද සවස නිමාවට පත්විය.

ද්‍රවිඩ සංගමය (308) සහ මීගමුව ක්‍රිකට් සමාජය (118 සහ 4/69) අතර පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී මුල් ඉනිමේ ජයක් වාර්තා කළ ද්‍රවිඩ සංගම් කණ්ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.


තරග ප්‍රතිඵළ සැකෙවින්

■ දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති අවසන් පූර්ව තරගය
ද්‍රවිඩ සංගමය (308) විසින් මීගමුව ක්‍රිකට් සමාජය (118 හා 4/69) මුල් ඉනිමේදී පරාජය කරන ලදි.

■ වැළිසරදී
සෙබස්තියනයිට්ස් පිල (175 හා 4/137) විසින් නාවික හමුදාව (126 හා 182) කඩුලු 6 කින් පරාජය කරන ලදි.

■ ගාල්ලේදී
මහනුවර කස්ටම්ස් ක්‍රිකට් සමාජය (309 හා 2/21) විසින් ගාල්ල ක්‍රිකට් සමාජය (90 හා 237) පරාජය කරන ලදි.

■ එස්.එස්.සී. පිටියේදී
එස්.එස්.සී. (284 හා 3/107) සහ සී.සී.සී. (136) අතර තරගය විසඳුමකින් තොරව අවසන් විය.
 
■ පනාගොඩදී
ලන්කන්ස් (315) සහ ගුවන් හමුදාව (111) අතර තරගය විසඳුමකින් තොරව අවසන් විය.

■ කෝල්ට්ස් පිටියේදී
කෝල්ට්ස් (7/568 හා 1/28) සහ බී.ආර්.සී. (157) අතර තරගය විසඳුමකින් තොරව අවසන් විය.

■ මග්ගොනදී
කළුතර නාගරික ක්‍රිකට් සමාජය (226 හා 7/133) සහ ඒස්. කැපිටල් (283) අතර තරගය විසඳුමකින් තොරව අවසන් විය.

 


අදහස් (0)

තරග සියල්ලම අතර මග නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.