Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තරගයේ වීරයා මුරලි

තරගයේ වීරයා මුරලි

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

මුත්තයියා මුරලිදරන්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව්  දූපත් සමූහයේ පැවැත්වෙන කැරිබියන් පි‍්‍රමියර් ලීග් (සී. පී. එල්.) වි:20 තරගාවලියේ ඊයේ (17 වැනිදා) පැවති තරගයකින් බාර්බඩෝස් ට‍්‍රයිඩන්ට්ස් පිල පරදවා කඩුලූ 6 ක ජයක් හිමිකරගැනීමට ජැමෙයිකා තලවාස් පිල සමත්විය.

ඕවර 4 ක් යවා ලකුණු 12 ක් පමණක් දෙමින් කඩුලූ 3 ක් දවාගත් මුරලි එම තරගයේ වීරයා ලෙසින්ද සම්මාන ලැබීය. මුරලිගේ කඩුලූ 3 න් 2 ක්ම දැවීගියේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙනි.

පාකිස්තාන පිලේ හිටපු නායකයකු වන ෂොයිබ් මලික්, බටහිර ඉන්දීය කොදෙව් පිලේ තුන් ඉරියව් කී‍්‍රඩක කරන් පොලාර්ඞ් සහ ඇෂ්ලි නර්ස් යන කී‍්‍රඩකයෝ මුරලිගේ පන්දු හමුවේ දැවී ගියහ.

 

 

 


බාර්බඩෝස් ටි‍්‍රඩෙන්ට්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 4 ට 113
(ඞ්වේන් ස්මිත් නොදැවී 52, රේමන් රෙයිෆර් 22, ශොයිබ් මලික් 14, ඇෂ්ලි නර්ස් 15, මුත්තයියා මුරලිදරන් 12/3)

ජැමෙයිකා තලවාස් පිල  ඕවර 18.1 කදී කඩුලූ 4 ට 114
(අහමඞ් ශෙහෙසාද් 28, චැඞ්වික් වොල්ටන් 15, ජර්මයින් බ්ලැක්වුඞ් නොදැවී 21, ඇන්ඩි‍්‍ර රසල් නොදැවී 27)

 

- 036

 


අදහස් (1)

තරගයේ වීරයා මුරලි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.