Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තරංග - දික්වැල්ල ශතක ලබති

තරංග - දික්වැල්ල ශතක ලබති

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උපුල් තරංග (නොදැවී 118) සහ නිරෝෂන් දික්වැල්ල (102) ශතක රැස්කිරීම නිසා අන්තර් සමාජ පළමු කොටසේ ලීග් සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (05) පැවැති තරගයේදී එන්. සී. සී. පිල මුවර්ස් පිලට එරෙහිව කඩුලූ 9 ක පහසු ජයක් ලැබීය.

මෙහිදී උපුල් තරංග (නොදැවී 118) සහ නිරෝෂන් දික්වැල්ල (102) ලකුණු 219 ක වේගවත් ආරම්භක සම්බන්ධතාවක් ගොඩනැගූහ. නිරෝෂන් දික්වැල්ල පන්දු 79 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 102 ක් රැස් කළේය.

උපුල් තරංග පන්දු 81 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 118 ක් රැුස් කිරිමට සමත් විය.  


මුවර්ස් පිල  ඕවර 49.1 කදී සියලූ දෙනා දැවී 233
(හර්ෂ කුරේ 44, කෝසල කුලසේකර 81,  ඕෂධ ප‍්‍රනාන්දු 44, චමින්ද විදානපතිරණ 46/3, දුෂ්මන්ත චමීර 58/2, තරි`දු කෞෂාල් 46/2)

එන්. සී. සී. පිල  ඕවර 27.4 කදී කඩුලූ 1 ට 234
(නිරෝෂන් දික්වැල්ල 102, උපුල් තරංග නොදැවී 118)


- 048


අදහස් (0)

තරංග - දික්වැල්ල ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.