Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තයිජුල් ඉස්ලාම්ගෙන් ලෝක වාර්තාවක්

තයිජුල් ඉස්ලාම්ගෙන් ලෝක වාර්තාවක්

ශනුක අරවින්ද - 2014 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තමන් සහභාගී වූ පළමු එක්දින ජාත්‍යන්තර තරගයේදීම කඩුලු ති‍්‍රත්වයක් දවාගත් පළමු කී‍්‍රඩකයා බවට පත්වීමට බංග්ලාදේශ පිලේ වමත් දඟ පන්දු යවන කී‍්‍රඩක තයිජුල් ඉස්ලාම් සමත්විය.

සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් තයිජුල්ට එක්දින තරගාවලියේ අවසන් තරගයේදී එක්දින වරම් හිමි වූ අතර එහිදී ඔහු මෙම කඩුලු ති‍්‍රත්වය දවාගත්තේය.

එම තරගයේදී ඔහුගේ පන්දු යැවීම සටහන් වූයේ ලකුණු 11 කට කඩුලූ 4 ක් ලෙසයි. ඔහුගේ පන්දු යැවීම නිසා බංග්ලාදේශ පිලට එම තරගයෙන් කඩුලු 5 ක ජයක් හිමිවිය.

මේ වන විට ටෙස්ට් තරග 5 කට කී‍්‍රඩා කර ඇති තයිජුල් විසින් දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 25 කි. එහිදී ඔහුගේ හොඳම පන්දු යැවීම සටහන් වන්නේ ලකුණු 39 කට කඩුලූ 8 ක් වශයෙනි. ඒ අතර තුර අවස්ථා දෙකකදී කඩුලු 5 බැගින් දවාගැනීමටද තයිජුල් සමත්වී තිබේ.

විසි දෙහැවිරිදි තයිජුල්, මේ වසරේ සැප්තැම්බර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව කිංග්ස්ටන්හිදී ටෙස්ට් වරම් දිනාගත්තේය.

-036

 


අදහස් (0)

තයිජුල් ඉස්ලාම්ගෙන් ලෝක වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.