Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඬේවිඞ් ඇලන්ගේ දිවි ඉනිම නිමයි

ඬේවිඞ් ඇලන්ගේ දිවි ඉනිම නිමයි

ශනුක අරවින්ද - 2014 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත ටෙස්ට් පිලේ සහ ග්ලොස්ටර්ෂයර් ප‍්‍රාන්ත පිලේ හිටපු ප‍්‍රබල පිට දඟ පන්දු යවන්නකු වන ඬේවිඞ් ඇලන් මහතා අභාවප‍්‍රාප්ත විය. ඒ මහතා මියයන විට 78 වැනි වියේ පසුවිය.

ඬේවිඞ් ඇලන් මහතා 1960 දශකයේ එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 39 කට ක‍්‍රීඩා කරමින් කඩුලූ 122 ක් දවාගෙන ඇති අතර කඩුල්ලක සාමාන්‍ය 30.97 කි. හෙතෙම අර්ධ ශතක පහක් සමගින් ටෙස්ට් ලකුණු 918 ක් රැස්කර ඇති අතර ලකුණු 88 ක් රැස්කිරීම ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම වේ.

වර්ෂ 1953 වසරේ සිට 1972 වසර දක්වා ග්ලොස්ටර්ෂයර් ප‍්‍රාන්ත පිලට ක‍්‍රීඩා කරමින් පළමු පෙළ කඩුලූ 1,200 ක් පමණ දවා ගනිමින් ලකුණු 9,000 ක් ඉක්මවා රැස්කර තිබේ. ඬේවිඞ් ඇලන් එවකට ග්ලොස්ටර්ෂයර් පිල නියෝජනය කළ ප‍්‍රබල පන්දු යවන්නන් වූ ෆ්‍රෙඞ් ටිට්මස්, රේ ඉලිංවර්ත් සහ ජෝන් මොර්ටිමර් යන ක‍්‍රීඩකයන් සමග එකම කණ්ඩායමේ කී‍්‍රඩා කළේය.

අවස්ථානුකූලව පන්දුවට පහර දෙන, තරමක් දුරට විශ්වාසය තැබිය හැකි පිතිකරුවකු වුවත් ඇලන්ගේ හොඳම පිතිකරු දස්කම ලෙසින් සැලකෙන්නේ 1963 දී කොදෙව් පිලට එරෙහිව ලෝඞ්ස් පිටියේදී පැවැති ටෙස්ට් තරගය බේරා ගැනීමයි.
 
චාලි ගි‍්‍රෆිත්, වෙස්ලි හෝල් යන අති භයංකාර වේග පන්දු යවන්නන් හමුවේ තුවාල ලද කොලින් කවුඞ්රි අවසන් පිතිකරුවා ලෙසින් නැවතත් පිටියට පිවිසියේ බිඳුණු අස්ථියකින් යුතු අතක්ද ඇතිවය. එහිදී අනෙක් අන්තයේ සිටි පිතිකරුවා වූ ඬේවිඞ් ඇලන් සිය කඩුල්ල රැක නොගත්තා නම් එංගලන්ත පිල පරාජය වන්නට තිබූ අතර තවත් ලකුණු 6 ක් ලබාගත්තා නම් තරගය ජයගැනීමේ අවස්ථාවද තිබිණ. තරගය ජය පැරදුමෙන් තොරව නිමා විය.

ඬේවිඞ් ඇලන් මහතා 2011 වසරේ ග්ලොස්ටර්ෂයර් ප‍්‍රාන්ත ක‍්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙස ද පත්විය.

 

- 048

 


අදහස් (0)

ඬේවිඞ් ඇලන්ගේ දිවි ඉනිම නිමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.