වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී හැටන් නැෂනල් බැංකු ‘ඒ’ කණ්ඩායම පරදවා කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට ඩිමෝ ලංකා ‘ඒ’ කණ්ඩායම අද (29 වැනිදා) සමත්විය. මෙම තරගය වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
සම්මු අශාන් (නොදැවී 50) අර්ධ ශතකයත් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
හැටන් නැෂනල් බැංකුව - ඕවර 45.5 කදී සියලුදෙනා දැවී ලකුණු 158
(නවිඳු නිර්මාල් 39, මින්හාජ් ජලීල් 36, සමීර සොයිසා 20, රමේෂ් මෙන්ඩිස් 15/2, ප්‍රමුද් හෙට්ටිවත්ත 22/2, නිසල තාරක 31/2)
ඩිමෝ ලංකා - ඕවර 22.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 162
(සම්මු අශාන් නොදැවී 50, ලසිත් අබේරත්න 41, රමේෂ් මෙන්ඩිස් නොදැවී 27, තිලංග උදේශාන් 39/2, නවීන් ගුනවර්ධන 42/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.