Last Update  :  2026-01-11 20:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩිල්ෂාන් ටෙස්ට් පිටියෙන් සමුගන්න සැරසෙයි

ඩිල්ෂාන් ටෙස්ට් පිටියෙන් සමුගන්න සැරසෙයි

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 10 Comment
A A A

 

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ටෙස්ට් කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. තමන්ගේ සමුගැනීම සම්බන්ධයෙන් හෙට (10 වැනිදා) ඩිල්ෂාන් විශේෂ ප‍්‍රකාශයක් කරන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි.


කෙසේ වෙතත් එක්දින සීමිත ඕවර සහ විස්සයි/20 කි‍්‍රකට් තරග සඳහා තවදුරටත් කී‍්‍රඩා කිරීමට ඩිල්ෂාන් සූදානමින් සිටී.

මේ වන විට 36 හැවිරිදි තිලකරත්න ඩිල්ෂාන් ශී‍්‍ර ලංකා කණ්ඩාමේ හිටපු නායකයකුද වන අතර ශී‍්‍ර ලංකා කණ්ඩායමක් දකුණු අපි‍්‍රකාවේදී ලබාගත් එකම ටෙස්ට් ජයග‍්‍රහණයේදී ශී‍්‍ර ලංකා පිල මෙහෙයවූයේද ඩිල්ෂාන් විසිනි. ටෙස්ට් තරග 87 කදී ලකුණු 5492 ක් ලබා සිටින ඩිල්ෂාන් ටෙස්ට් ශතක 16 ක හිමිකරුවෙකි.

”මා මේ තීරණය ගත්තේ ශී‍්‍ර ලංකාවේ සිටින නැගී එන කී‍්‍රඩකයන්ට අවස්ථාව දීමටයි”
”සිම්බාබ්වේ සංචාරයෙන් පස්සේ මගේ මෙම තීරණය ප‍්‍රකාශයට පත්කරන්නයි මම හිතාගෙන හිටියේ. ඒත් සිම්බාබ්වේ සංචාරය කල්ගියා” යයි ඩිල්ෂාන් අන්තර්ජාතික ප‍්‍රවෘත්ති සේවාවන්ට පවසා තිබිණ.

ඔහුගේ මෙම ප‍්‍රකාශය අනුව මේ වසර අගදී පැවැත්වීමට නියමිත ශී‍්‍ර ලංකා - පාකිස්තානු ටෙස්ට් තරගාවලියට පොරතුව ඩිල්ෂාන් ටෙස්ට් පිටියෙන් සමුගැනීමට අදහස් කරන බවද දැනගන්නට තිබේ. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත යමක් පැවසීමට කි‍්‍රකට් නිලධාරීහු පසුබට වූහ.

”ඩිල්ෂාන් කියන්නේ ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවට විශාල සේවයක් කළ කී‍්‍රඩකයෙක්. තමන් සම්බන්ධයෙන් තීරණයක් ගන්න ඔහුට නිදහස තියෙන්න  ඕනෑ”

”ඒ නිසා ඒ තීරණය ඔහු විසින්ම ප‍්‍රකාශ කරපුවාවේ” යයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ඊයේ ලංකාදීපට පැවසීය.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු නිලධාරීන් අපේක්‍ෂා කරන්නේ නම් 2015 ලෝක කුසලාන තරගාවලිය දක්වාම එක්දින තරග වලදී ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට තමන් සූදානම් බවද ඩිල්ෂාන් පවසා තිබේ.

වසර 1999 දී සිම්බාබ්වේ සංචාරයේදී ටෙස්ට් වරම් ලැබූ ඩිල්ෂාන් වසර 2009 විස්සයි/20 ලෝක කුසලාන තරගාවලියේදී ‘ඩිල් ස්කූප්’ පහර සාර්ථකව කි‍්‍රයාත්මක කරමින් එම පහරේ නිර්මාතෘ බවටද පත්විය.

 


අදහස් (10)

ඩිල්ෂාන් ටෙස්ට් පිටියෙන් සමුගන්න සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.