තිලකරත්න ඩිල්ෂාන්ගේ සහ අජන්ත මෙන්ඩිස්ගේ දස්කම් නිසා ඕස්ටේ‍්‍රලියාවේ ‘බිග් බෑෂ්’ විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේදී මෙල්බර්න් රෙනගේඞ්ස් පිල සමග පැවති තරගයෙන් කඩුලූ 9 ක පහසු ජයක් අත්කරගැනීමට සිඞ්නි තන්ඩර් පිල සමත්විය.
තිලකරත්න ඩිල්ෂාන් සහ උස්මන් කවාජා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පිහිටවූ වේගතත් ලකුණු 89 ක සම්බන්ධතාවය නිසා තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 105 ක ඉලක්කයක් හඹාගිය සිඞ්නි තන්ඩර් පිලට ඕවර 11.3 කදී එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යෑමට හැකිවිය.
එහිදී තිලකරත්න ඩිල්ෂාන් පන්දු 29 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 46 ක් රැස්කළ අතර උස්මන් කවාජා පන්දු 34 කදී හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 46 ක් රැස්කළේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මෙල්බර්න් රෙනගේඞ්ස් පිලට සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 104 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමට නිරවූ අජන්ත මෙන්ඩිස්, ඕවර 4 ක් යවා ලකුණු 15 කට කඩුලූ 2 ක් දවාගත්තේය.
ශ්‍රී ලංකා පිලේ හිටපු සුපිරිතම දඟපන්දු යවන්නාවූ මුත්තයියා මුරලිදරන් මෙම තරගයේදී මෙල්බර්න් රෙනගේඞ්ස් පිල නියෝජනය කළ අතර එහිදී ඔහුට එකදු කඩුල්ලක් හෝ දවාගැනීමට නොහැකි විය.
මෙල්බර්න් රෙනගේඞ්ස් පිල ඕවර 18.3 කදී සියලූදෙනා දැවී 104
(ඩැනියෙල් හැරිස් 30, බෙන් රෝරර් 22, ගුරින්දර් සාන්ධු 21/3, අජන්ත මෙන්ඩිස් 15/2)
සිඞ්නි තන්ඩර් පිල ඕවර 11.3 කදී එක් කඩුල්ලක් දැවී 105
(උස්මන් කවාජා නොදැවී 46, තිලකරත්න ඩිල්ෂාන් 46)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.