‘ඩොනවන් ඇන්ඩි‍්‍ර’ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග හෙට ආරම්භ වීමට නියමිතය. අවසන් පූර්ව තරග 2 ක් මේ මස 3 වැනිදා සහ 4 වැනිදා ද, ඉතිරි තරග 2 මේ මස 7 වැනිදා සහ 8 වැනිදා ද පැවැත්වේ.
එහිදී කැලණිය කි‍්‍රකට් සමාජයට එරෙහිව නාරම්මල කී‍්‍රඩා සමාජයද, ආදි ආනන්දීය පිලට එරෙහිව ආදි තර්ස්ටනයිට්ස් කී‍්‍රඩා සමාජයද, ආදි මොරටු විද්‍යාල පිලට එරෙහිව නුගේගොඩ කී‍්‍රඩා සමාජයද, හොරණ කි‍්‍රකට් සමාජයට එරෙහිව මාතර කී‍්‍රඩා සමාජයද තරග වැදීමට නියමිතය.
තරගාවලියේ අවසන් පූර්ව තරග මේ මස 14 වැනිදා සහ 15 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහා තරගය 21 වැනිදා සහ 22 වැනිදා පැවැත්වීමට නියමිතය.
අර්ධ අවසන් පූර්ව තරග
පෙබ. 3 සහ 4 - කැලණිය කි‍්‍රකට් සමාජය සහ නාරම්මල කී‍්‍රඩා සමාජය අතර - තර්ස්ටන් විදුහල් කී‍්‍රඩාංගණයේදී
පෙබ. 3 සහ 4 - ආදි ආනන්දීය පිල සහ ආදි තර්ස්ටනයිට්ස් කී‍්‍රඩා සමාජය අතර - හම්බන්තොට සූරියවැව කී‍්‍රඩාංගණයේදී
පෙබ. 7 සහ 8 - ආදි මොරටු විද්‍යාල පිල සහ නුගේගොඩ කී‍්‍රඩා සමාජය අතර - පනාගොඩ යුද හමුදා කී‍්‍රඩාංගණයේදී
පෙබ. 7 සහ 8 - හොරණ කි‍්‍රකට් සමාජය සහ මාතර කී‍්‍රඩා සමාජය අතර - බ්ලූම්ෆීල්ඞ් කී‍්‍රඩාංගණයේදී
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.