Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩි‘කොක් - ලුවිස් - රාහුල් ලක්නව් පිලට ජය ගෙනෙති
අයි.පී.එල්. - 2022

ඩි‘කොක් - ලුවිස් - රාහුල් ලක්නව් පිලට ජය ගෙනෙති

editorial - 2022 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුයින්ටන් ඩි‘කොක් (61), එවින් ලුවිස් (නොදැවී 55) සහ ලෝකේෂ් රාහුල්ගේ (40) පිතිහරඹයන් හමුවේ චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව මුම්බායිහිදී අද (31 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 7 වැනි තරගය කඩුලු 6 කින් ජය ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 211 ක ඉලක්කයක් හඹාගිය ලක්නව් සුපර් ජයන්ට්ස් පිල ඕවර 19.3 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

ලෝකේෂ් රාහුල් සහ කුයින්ටන් ඩි‘කොක් සාර්ථක ආරම්භකයක් ලබාදෙමින් පළමු කඩුල්ල සඳහා පන්දු 62 කදී ලකුණු 99 ක සම්න්ධතාවක් ගොඩනැගූහ. 

ලෝකේෂ් රාහුල් පන්දු 26 කදී හයේ පහර 3 ක සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 40 ක් සහ කුයින්ටන් ඩි‘කොක් පන්දු 45 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 61 ක් රැස්කිරීමට සමත්වූහ.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ දැවී යාමෙන් පසුව ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ එවින් ලුවිස් සහ අයුෂ් බදෝනී 5 වැනි කඩුල්ල සඳහා පන්දු 13 කදී ලකුණු 40 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් ලක්නව් සුපර් ජයන්ට්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

එවින් ලුවිස් පන්දු 23 කදී හයෙ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 55 ක් ලබාගත් අතර අයුෂ් බදෝනී පන්දු 9 කදී හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 19 ක් ලබාගත්තේය.

සෙසු පිතිකරුවන් දැඩි ප්‍රහාරයකට ලක්වන විට තරමත සාර්ථකත්වයක් පෙන්වූ ඞ්වයින් ප්‍රෙටෝරියස් ලකුණු 31 කට කඩුලු 2 ක් දවාගත්තේය.

කාසියේ වාසිය දිනූ ලක්නව් සුපර් ජයන්ට්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 210 ක් ලබාගැනීමට සමත්විය.

රොබින් උතප්පා පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 50 ක් ද, ශිවම් ඩුබේ පන්දු 30 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 49 ක් සහ මොයින් අලී පන්දු 22 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 35 ක් ද ලබාගනිමින් චෙන්නායි සුපර් කිංග්ස් පිල ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.

රවී බිෂ්නෝයි, අවේෂ් ඛාන් සහ ඇන්ඩෘ ටේ කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. දුෂ්මන්ත චමීර ඕවර 4 කදී ලකුණු 49 ක් ලබාදුන් අතර කඩුලක් දවාගැනීමට අවස්ථාවක් ඔහුට හිමි නොවීය.

එවින් ලුවිස් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත්තේය.

චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 210
(රොබින් උතප්පා 50, මොයින් අලී 35, ශිවම් ඩුබේ 49, අම්බති රයුඩු 27, රවී බිෂ්නෝයි 24/2, අවේෂ් ඛාන් 38/2, ඇන්ඩෘ ටේ 40/2)

ලක්නව් සුපර් ජයන්ට්ස් - ඕවර 19.3 කදී කඩුලු 4 ක් දැවී 211
(ලෝකේෂ් රාහුල් 40, කුයින්ටන් ඩි‘කොක් 61, එවින් ලුවිස් නොදැවී 55, ඞ්වයින් ප්‍රෙටෝරියස් 31/2)


අදහස් (0)

ඩි‘කොක් - ලුවිස් - රාහුල් ලක්නව් පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.