Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේදී පැවැත්වෙන ‘ලෙජන්ඩ්ස් ලීග්’ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (25 වැනිදා) පැවැති තරගයකදී ඉන්දියා කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 75 ක් රැස්කිරීමට ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන් සමත් විය. පන්දු 59 කට මුහුණදුන් ඔහු හයේ පහරකින් සහ හතරේ පහර 9 කින් සිය අර්ධ ශතකය සැරසුවේය.
සෙසු පිතිකරුවන් අසාර්ථක වුවද, ඩිල්ෂාන්ගේ පිතිහරඹය හේතුවෙන් ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 152 ක් ලබාගැනීමට ගුජරාට් ජයන්ට් කණ්ඩායමට හැකි විය.
ආරම්භක පිතිකරු කෙවින් ඕ’බ්‍රයන් පන්දු 13 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 23 ක්ද, ග්‍රැහැම් ස්වෝන් පන්දු 20 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 26 ක්ද රැස්කරමින් එහිදී ඩිල්ෂාන් අනගි සහායක් දුන්හ.
ජයග්‍රහණය සඳහා ලකුණු 153 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියා කැපිටල්ස් ක්‍රීඩකයෝ කඩුලු 4 ක් පමණක් දැවී පන්දු 7 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය සපුරාගත්හ. එහිදි වේගවත් පිතිහරඹයක නිරත වූ හැමිල්ටන් මසකඩ්සා පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 50 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත් විය.
ගුජරාට් ජයන්ට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 152
(කෙවින් ඕ’බ්‍රයන් 23, තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 75, ග්‍රැහැම් ස්වෝන් 26, ඈෂ්ලි නර්ස් 28/2, ප්‍රවීන් තම්බේ 30/2)
ඉන්දියා කැපිටල්ස් පිල - ඕවර 18.5 කදී කඩුලු 4 කට 153
(සොලමන් මීරේ 41, ගෞතම් ගම්භීර් 14, හැමිල්ටන් මසකඩ්සා 50, අජන්ත මෙන්ඩිස් 26/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.