ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (07 වැනිදා* පැවති තරගයකදී එන්.සී.සී පිල පරදවා ඩක්වත් ලූවිස් න්‍යයායට අනුව ලකණු 8 කින් ජය ගැනීමට ද්‍රවිඩ සංගම් පිල අද සමත්විය. මෙම තරගය පි. සරවණමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ද්‍රවිඩ සංගම් පිල කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට එන්.සී.සී පිලට ආරාධනා කල අතර ඕවර 50 කදී කඩුලූ 9ක් දැවී ලකුණු 242 ක් රැුස්කිරීමට සමත්විය. කෝසල කුලසේකර (74) අර්ධ ශතකයක් ලබා ගත්තේය.
ලකුණු 243 ක ඉලක්කයක් හඹාගිය ද්‍රවිඩ සංගම් පිල අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය නවත්වනවිට ඕවර 46 කදී කඩුලූ 6ක් දැවී රැුස් කරගෙන තිබුනේ ලකුණු 218 ක් පමණි. ඩක්වත් ලූවිස් න්‍යයායට අනුව එම අවස්ථාව වනවිට ජයග‍්‍රයණය කිරීමටනම් ලකුණු 210 ක් රැස්කර තිබිය යුතුවු අතර ද්‍රවිඩ සංගම් පිල එම අවස්ථාව වනවිට තම ජයග‍්‍රහණය වාර්ථා කර ගැනීමට සමත්විය.
තිලකරත්න සම්පත් (61) සහ අශේන් සිල්වා (54) අර්ධ ශතක ලබා ගැනීමට සමත්විය.
එන්.සී.සී ඕවර 50 කදී කඩුලූ 9ක් දැවී 242
(කෝසල කුලසේකර 74, නිරෝශන් දික්වැල්ල 37, ඇන්ජලෝ පෙරේරා 34, නිසල තාරක 48/4, තිලකරත්න සම්පත් 24/2)
ද්‍රවිඩ සංගම් පිල ඕවර 46 කදී කඩුලූ 6ක් දැවී 218
(තිලකරත්න සම්පත් 61, අශේන් සිල්වා 54, චමින්ද විදාණපතිරන 51/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.