ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන ‘සුපර් 4’ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (27) කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති තරග දෙකේදී උපුල් තරංගගේ නායකත්වයෙන් යුත් උඩරට රූලර්ස් පිල සහ කිත්රුවන් විතානගේ නායකත්වය දරන වෙස්ටන් ටෲපර්ස් පිල ජයග‍්‍රහණ ලැබූහ.
පළමු තරගයේදී වෙස්ටන් ටෲපර්ස් පිල විසින් ලකුණු 44 කින් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් යාල් බ්ලේසර්ස් පිල පරාජය කරන ලදි. ඊයේ පැවැති දෙවැනි තරගයේදී උඩරට රූලර්ස් පිල විසින් කඩුලූ 7 කින් ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් සදර්න් එක්ස්ප‍්‍රස් පිල පරාජය කරන ලදී.
උඩරට රූලර්ස් පිලේ නායක උපුල් තරංග පන්දු 34 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 59 ක් රැුස්කරමින් ජයග‍්‍රහණයට හොද අඩිතාලමක් දැමීය.
වෙස්ටන් ටෲපර්ස් පිල නියෝජනය කරන කෝසල කුලසේකර වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 23 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 54 ක් රැස් කිරීමට සමත් විය.
වෙස්ටර්න් ටෲපර්ස් පිලට ලකුණු 44 ක ජයක්
වෙස්ටන් ටෲපර්ස් ඕවර 20 කදී කඩුලූ 8 ට 165
(ඩිල්ෂාන් මුණවීර 19, භානුක රාජපක්‍ෂ 18, කිත්රුවන් විතානගේ 44, කෝසල කුලසේකර නොදැවී 54, තිසර පෙරේරා 39/2, අලංකාර අසංක 22/3)
යාල් බ්ලේසර්ස් ඕවර 17.2 කදී සියලූ දෙනා දැවී 121
(මහේල උඩවත්ත 11, සහන් විජේරත්න 24, චාමර කපුගෙදර 45, ජීවන් මෙන්ඩිස් නොදැවී 21, සුරංග ලක්මාල් 13/2, චතුරංග ද සිල්වා 22/2, මධුක ලියනපතිරණ 4/3)
උඩරට රූලර්ස් පිලට කඩුලූ 7 ක ජයක්
සදර්න් එක්ස්ප‍්‍රස් ඕවර 19.5 කදී සියලූ දෙනා දැවී 141
(කුසල් පෙරේරා 24, ධනුෂ්ක ගුණතිලක 54, සීකුගේ ප‍්‍රසන්න 17, ඩිල්රුවන් පෙරේරා 12, දිල්හාර ලොකුහෙට්ටිගේ 32/3, අසේල ගුණරත්න 38/4)
උඩරට රූලර්ස් ඕවර 17.2 කදී කඩුලූ 3 ට 144
(ධනංජය ද සිල්වා 19, උපුල් තරංග 59, ෂෙහාන් ජයසූරිය නොදැවී 37, සීකුගේ ප‍්‍රසන්න 21/2)
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.