Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ටෙහාන් - සජිත් ආනන්ද විදුහලට ජය ගෙනෙති

ටෙහාන් - සජිත් ආනන්ද විදුහලට ජය ගෙනෙති

Nisanka Sandeepani - 2018 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ රාගම බැසිලිකා විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර රාගම බැසිලිකා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට ආනන්ද විදුහල සමත් විය. 

එහිදී ආනන්ද විදුහලේ ටෙහාන් පෙරේරා ලකුණු 16 කට කඩුලු 7 ක්ද, සජිත් ද සිල්වා ලකුණු 16 කට කඩුලු 5 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 

බැසිලිකා විදුහල් පළමු ඉනිම - ඕවර 29.3 කදී සියලු දෙනා දැවී 73 
(තාරුක නෙත්මාල් නොදැවී 37, ටෙහාන් පෙරේරා 16/7, දුලෙන් එදිරිමාන්න 12/3) 

ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 21 කදී කඩුලු 6 ක් දැවී 145  
(මෙත්ම කරුණාරත්න නොදැවී 42, නුෂාල් ධර්මරත්න 42, හරේන් වික්‍රමාරච්චි 30, සෙව්මින ප්‍රියමාල් 34/3, දුමිඳු ප්‍රනාන්දු 29/2) 

බැසිලිකා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 25.5 කදී සියලු දෙනා දැවී 74 
(සජිත් ද සිල්වා 16/5, දුලෙන් එදිරිමාන්න 05/2) 

ආනන්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 0.2 කදී කිසිවකු නොදැවී 05  

 


අදහස් (0)

ටෙහාන් - සජිත් ආනන්ද විදුහලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.