Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ටෙක්ස්ටර්ඞ් ජර්සි පිල අවසන් පූර්ව වටයට

ටෙක්ස්ටර්ඞ් ජර්සි පිල අවසන් පූර්ව වටයට

දිලිනි මල්රුක්ෂි - 2014 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයකදී ඞීමෝ ලංකා පිලට එරෙහිව කඩුලූ 2 ක ජයක් අත්කරගත් ටෙක්ස්ටර්ඞ් ජර්සි පිල තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තේය. මෙම තරගය කොළඹ පී. සරා  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

වර්ෂාව නිසා තරගයේ එක් ඉනිමක්  ඕවර 20 කට සීමා විය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 141 ක ඉලක්කයක් හඹාගිය ටෙක්ස්ටර්ඞ් ජර්සි පිල,  ඕවර 18.4 ක් අවසානයේ කඩුලූ 8 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

ටෙක්ස්ටර්ඞ් ජර්සි පිලේ රංගීත් පීරිස් (නොදැවී 44) සහ ළහිරු උදාර (42) දක්ෂ පිතිහරඹයක නිරතවෙමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඞීමෝ ලංකා පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණ් 140 ක් ලබාගත්තේය. එහිදී ලකුණු 71 ක් රැුස්කළ නිපුන් කරුණානායක ඞීමෝ ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

ඞීමෝ ලංකා පිල -  ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 140
(නිපුන් කරුණානායක 71, මතීෂ පෙරේරා 17, සචින්ද්‍ර ගුණවර්ධන 18/2, ශාන් ප‍්‍රනාන්දු 26/2)

ටෙක්ස්ටර්ඞ් ජර්සි පිල -  ඕවර 18.4 කදී කඩුලූ 6 ක් දැවී 141
(රංගීත් පීරිස් නොදැවී 44, ළහිරු උදාර 42, මතීෂ පෙරේරා 35/3, රුවින්ද ශාමෙන් 20/2, නිපුන් කරුණානායක 25/2)

036


අදහස් (0)

ටෙක්ස්ටර්ඞ් ජර්සි පිල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.