අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ දර්ගා නරගය ඥානිස්සර මහ විදුහල සහ කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල අතර කොළඹ කුරේ ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ඥානිස්සර මහ විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ඥානිස්සර මහ විදුහලේ හර්ෂ සඳරුවන් ලකුණු 189 ක් රැස්කළ අතර එම විදුහලේම මලිඳු මලීෂ ලකුණු 45 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ඥානිස්සර මහ විදුහල - ඕවර 63.5 කදී කඩුලු 8 ක් දැවී 359
(හර්ෂ සඳරුවන් 189, චාරුක දේෂාන් 32, දිමුතු සඳරුවන් 31, මොහොමඞ් මෆාස් 29, මිනිදු මනෝද්‍ය 23, තිසුකා වික්‍රමසිංහ 68/3, රකිඳු ලේකම්ගේ 33/2)
රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල - ඕවර 37.2 කදී සියලු දෙනා දැවී 222
(අෂාන් බූරුප්පා 39, ෂෙනුර සිල්වා 37, කුලන හසිඳු 31, මලිඳු මලීෂ 45/5, කවිෂ්ක දේෂාන් 27/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.