Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජ’පුර ක්‍රිකට් තරගාවලිය 12-13

ජ’පුර ක්‍රිකට් තරගාවලිය 12-13

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන අංශය සංවිධානය කරන ‘ජපුර ප්‍රිමියර් ලීග්’ අන්තර් විශ්ව විද්‍යාල සය සාමාජික ක්‍රිකට් තරගාවලිය මේ මස 12 සහ 13 යන දින වලදී විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අමතරව කොළඹ, කැලණිය, මොරටුව, පේරාදෙණිය, යාපනය, රුහුණ, වයඹ සහ සබරගමුව යන විශ්ව විද්‍යාල නියෝජනය කරමින් මෙම තරගාවලියට කණ්ඩායම් සහභාගි වෙති.

තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ශූරතා කුසලාන සමගින් රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක්ද, අනු ශූරතාව දිනාගන්නා කණ්ඩායමට අනු ශූරතා කුසලාන සමගින් රුපියල් 25,000 ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති.

තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගි වීමට නියමිතය.


- 036

 


අදහස් (0)

ජ’පුර ක්‍රිකට් තරගාවලිය 12-13

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.