Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජෝෂප් වාස් විදුහලට ඉනිමක ජයක්

ජෝෂප් වාස් විදුහලට ඉනිමක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහල සහ අනුරාධපුර මැදි විදුහල අතර වෙන්නප්පුවේදී පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 93 ක ජයක් දිනා ගැනීමට ජෝෂප් වාස් විදුහල සමත් විය.

අනුරාධපුර මැදි විදුහලේ ඉනිම දෙකේදීම ලකුණු 38 කට කඩුලූ 10 ක් දවාගත් රොෂේන් ප‍්‍රනාන්දු, ජෝෂප් වාස් විදුහලට ජය ගෙනාවේය. ලකුණු 38 කට කඩුලූ 5 ක් දවාගත් අවිෂ්ක ප‍්‍රනාන්දු ඔහුට මනා සහයක් දුන්නේය.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 174 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් අනුරාධපුර මැදි විදුහලට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැුස්කරගත හැකිවූයේ ලකුණු 81 ක් පමණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ජෝෂප් වාස් විදුහල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ ශෙහාර රණතුංග, ලකුණු 96 ක් ලබා සිටියදී ශතකය පෙනී පෙනී අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

ජෝෂප් වාස් විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 254
(ශෙහාර රණතුංග 96, ඉරේෂ් පෙරේරා 32, නිපුන් පෙරේරා 31, චන්දුල බණ්ඩාර 54/4, ප‍්‍රභාත් බුද්ධික 91/2)

අනුරාධපුර මැදි විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 80
(තතුෂ්ක ශමින්ද 27, රොෂේන් ප‍්‍රනානදු 23/6, ප‍්‍රවීන් දිලංක 31/3)

අනුරාධපුර මැදි විදුහල දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 81
(අවිෂ්ක ප‍්‍රනාන්දු 38//5, රොෂේන් ප‍්‍රනාන්දු 15/4)

036


අදහස් (0)

ජෝෂප් වාස් විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.