Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජොන්සී ක්‍රීඩකයන්ගේ මනසට අමතයි

ජොන්සී ක්‍රීඩකයන්ගේ මනසට අමතයි

රොෂාන් ගුණරත්න - 2018 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම වර්ධනය කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමගින් එක්වූ වෛද්‍ය පිල් ජෝන්සී මහතා ක්‍රිකට් මූලස්ථානයේදී ඊයේ (03 වැනිදා) වැඩ ආරම්භ කළේය. අලුතෙන් පත්වූ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ ඉල්ලීමක් පරිදි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමගින් එක්වන ලෙස ජෝන්සි මහතාගෙන් ඉල්ලාසිටි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.


ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමගින් මේ වනවිට එක්වී ඇති ජෝන්සී මහතා සෑම ක්‍රීඩකයකු සමගින් වෙන වෙනම සාකච්ඡාවල යෙදෙමින් ඔවුන් පිළිබඳව නිසි අවබෝධයක් ලබාගනිමින් සිටී. අනතුරුව ඔවුන්ට ගැලපෙන පුහුණු ක්‍රමෝපායන් සැකසීමට බලාපොරොත්තු වන ජොන්සි මහතා ක්‍රීඩකයින්ට අමතරව පුහුණු කාර්ය මණ්ඩලයේද මානසික මට්ටම ඉහළ දැමීමට කටයුතු සකස් කරමින් සිටී.


උපදේශනය සහ අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව පශ්චාත් සහ ආචාර්ය උපාධි හිමි ජෝන්සි මහතා ග්‍රිෆිත් විශ්ව විද්‍යාලයේ සහ ක්වීන්ස්ලන්ඞ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන මනෝවිද්‍යාව, සමාජ මනෝවිද්‍යාව, සංවර්ධන මනෝවිද්‍යාව, උපදේශනය, අළෙවිකරණ සහ බහුසංස්කෘත මනෝවිද්‍යාව පිළිබඳ දේශකයකු වශයෙන්ද කටයුතු කර ඇත.


මේ වනවිට ඕස්ට්‍රේලියා බේස්බෝල් කණ්ඩායමේත් මනෝවිද්‍ය උපදේශක ලෙස කටයුතු කරන ජෝන්සි මහතා ක්වීන්ස්ලන්ඞ් බුල්ස් ක්‍රිකට් කණ්ඩායමේද උපදේශකයකු ලෙසද කටයුතු කරයි. බි්‍රස්බේන් ලයන් පාපන්දු කණ්ඩායමේ මානසික සංවර්ධන පුහුණුකරු වශයෙන් 1994 සිට 2008 දක්වා කටයුතු කර ඇති හෙතෙම බි්‍රස්බේන් බ්‍රොන්කෝ රගර් කණ්ඩායමේ ක්‍රීඩා මනෝවෛද්‍යවරයා ලෙසද කටයුතු කර තිබේ.

 


අදහස් (0)

ජොන්සී ක්‍රීඩකයන්ගේ මනසට අමතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.