Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජාතික ක‍්‍රිකට් පිලේ පුහුණුකරු තේරීමේ සම්මුඛ පරීක්‍ෂණ හෙට

ජාතික ක‍්‍රිකට් පිලේ පුහුණුකරු තේරීමේ සම්මුඛ පරීක්‍ෂණ හෙට

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් පිලේ ප‍්‍රධාන පුහුණුකරු තෝරා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණය හෙට (06) පෙරවරුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී පැවැත්වේ. මේ සඳහා ශ්‍රී ලංකා පුහුණුකරුවන් තිදෙනකු සහ විදේශීය පුහුණුකරුවන් දෙනකු සහභාගි වෙති.

ශ්‍රී ලංකා පිලේ වර්තමාන පිතිකරු පුහුණුකරු මාවන් අතපත්තු, ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු රොමේෂ් කළුවිතාරණ සහ ශ්‍රී ලංකා පුහුණුකරු අංශයේ පන්දු රැකීමේ පුහුණුකරුවකු වන රුවන් කල්පගේ යන මහත්වරු මෙම සම්මුඛ පරීක්‍ෂණයට සහභාගි වීමට නියමිතය.

විදේශිය පුහුණුකරුවන් වන  ඕස්ටේ‍්‍රලියානු ජාතික ස්ටීව් රික්සන් සහ එංගලන්ත ජාතික මාක් ඬේවිස් යන මහත්වරු හෙට පැවැත්වෙන සම්මුඛ පරීක්‍ෂණයට සහභාගි වීමට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ‍්‍රී ලංකා පිලේ වර්තමාන පුහුණුකරු ග‍්‍රෑහැම් ෆෝඞ් මහතාගේ ගිවිසුම් කාලය ලබන ජනවාරි මස අවසන් වේ. ඉන් පසුව ඒ මහතා ඉවත් වන බව දැනුම්දීමත් සමග ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පුහුණුකරු තනතුරු සඳහා අයැඳුම්පත් කැඳවීය.

එහිදී ශ්‍රී ලංකා පුහුණුකරුවන් තිදෙනකු සහ විදේශීය පුහුණුකරුවන් නව දෙනකු අයැඳුම්පත් යොමුකර තිබූ අතර ඒ අතරින් මෙම පුහුණුකරුවන් පස් දෙනා සම්මුඛ පරීක්‍ෂණ සඳහා කැඳවා තිබේ.  

රංජිත් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයට සනත් ජයසූරිය, ජෙරම් ජයරත්න, නිශාන්ත රණතුංග, නුස්කි මොහොමඞ්, ඈෂ්ලි ද සිල්වා සහ මොහාන් ද සිල්වා යන මහත්වරු ඇතුළත් වෙති.  


අදහස් (0)

ජාතික ක‍්‍රිකට් පිලේ පුහුණුකරු තේරීමේ සම්මුඛ පරීක්‍ෂණ හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.