Last Update  :  2025-08-01 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජාතික කණ්ඩායම් දෙකක උපදේශක තනතුර මහේලට

ජාතික කණ්ඩායම් දෙකක උපදේශක තනතුර මහේලට

editorial - 2021 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ වයස 19 න් පහළ කණ්ඩායමේ උපදේශකවරයකු ලෙස මහේල ජයවර්ධන මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත. අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ නිර්දේශ මත ක්‍රිකට් ආයතනය මෙම පත් කිරීම කර ඇත.

මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව මහේල, ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතය. විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය නිමාවන තෙක් ඔහු කණ්ඩායම සමග රැදී සිටිනු ඇත.

ඒ අනුව ඔක්තෝබර් මස 16 වැනිදා සිට 23 වැනිදා දක්වා සතියක කාලයක් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිය අත්දැකීම් සහ දැනුම බෙදාහදා ගනු ඇත. එම කාල වකවානුව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාවට, අයර්ලන්තයට සහ නෙදර්ලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතය.

ඊට අමතරව ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමේ උපදේශකවරයකු ලෙස මාස 5 ක කාලයක් ගරු සේවයක නිරත වීමටද මහේල ජයවර්ධන මහතා එකඟකාවය පළ කර තිබේ. ඒ අනුව ලබන වසරේ බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වීමට නියමිත වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය තෙක් ඔහු උපදේශකවරයකු ලෙස ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමට සිය සේවය සපයනු ඇත.

“අපි මේ අලුත් තනතුරුවලට මහේලව ඉතාමත් සතුටින් පිළිගන්නවා. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සහ 19 න් පහළ කණ්ඩායම සමග එක්ව කටයුතු කිරීම එම කණ්ඩායම්වල ක්‍රීඩකයන්ට ඔවුන්ගේ දස්කම් ඉහළ නංවාගැනීමට බෙහෙවින්ම උපකාරී වේවි.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පැවසූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයක සටහන් වේ.

“ක්‍රීඩා කළ දිනවල සිටි මේ දක්වාම මහේල ක්‍රීඩාවට එක්කළ දැනුම ඉතාමත් අනර්ඝයි. පළමුවෙන්ම ක්‍රීඩකයකු ලෙසත්, පසුව නායකයකු ලෙසත් ඉතා විශිෂ්ඨ කාර්යයක නිරත වූ ඔහු මේ වන විට කණ්ඩායම් කිහිපයකම පුහුණුකරුවකු ලෙස තවත් විශිෂ්ඨ කාර්ය භාර්යයක නිරත වෙලා ඉන්නවා.” යැයි සිල්වා මහතා පවසා තිබිණ.

මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙසින් ද කටයුතු කරයි.

 


අදහස් (0)

ජාතික කණ්ඩායම් දෙකක උපදේශක තනතුර මහේලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.