Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජාත්‍යන්තර පාසල් ක්‍රිකට් ශූරතාව ලයිසියම්ට

ජාත්‍යන්තර පාසල් ක්‍රිකට් ශූරතාව ලයිසියම්ට

Nisanka Sandeepani - 2017 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාග නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය. පානදුර නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ස්ටැෆඞ් ජාත්‍යන්තර පාසලට එරෙහිව ලකුණු 176 ක පහසු ජයක් වාර්තා කරමින් ලයිසියම් ජාත්‍යන්තර පාසල එම ශූරතාවට හිමිකම් කීවේය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 321 ක ඉලක්කයක් හඹාගිය ස්ටැෆඞ් ජාත්‍යන්තර පාසලේ පිතිකරුවන් ලකුණු 144 කට සීමා කිරීමට ලයිසියම් ජාත්‍යන්තර පාසලේ පන්දුයවන්නෝ සමත් වූහ. 

තනුජ අල්විහාර ලකුණු 29 කට කඩුලු 4 ක් දවාගනිමින් ස්ටැෆඞ් ජාත්‍යන්තර පාසලේ පිතිකරුවන් අසරණ කළ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් දිමුතු දිසානායක ලකුණු 26 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. 

දක්ෂ පිතිහරඹය නිරත වූ සෙනිඳු බණ්ඩාර (183) පළමුවෙන් පන්දුවට පහරදුන් ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට සමත් විය. 

ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 40 කදී කඩුලු 4 ක් දැවී 320 
(සෙනිඳු බණ්ඩාර 183, ලෂාන් ද මෙල් 78, යසිරු ද සිල්වා 20, අහමඞ් නූර්දීන් 23/2) 

ස්ටැෆඞ් ජාත්‍යන්තර පාසල - ඕවර 33 කදී සියලු දෙනා දැවී 144 
(නජිත් ගුණවර්ධන 22, අවිෂ්ක කොලොන්නෝවිට 22, සම්ප්‍රාස් ද සිල්වා 20, තනුජ අල්විහාර 29/4, දිමුතු දිසානායක 26/2) 

 


අදහස් (0)

ජාත්‍යන්තර පාසල් ක්‍රිකට් ශූරතාව ලයිසියම්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.