ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයේදී සභාපති ධූරයට තරග කිරීමට නාමයෝජනා බාරදී සිටින හිටපු සභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස මහතාට එරෙහිව විරෝධතා ඉදිරිපත් වී තිබේ දැයි ඒ මහතා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව විමසා තිබේ. තමන්ට එරෙහිව කිසිවකු විරෝධතාවක් ඉදිරිපත් කර ඇත්නම් ඒ කවුරුන් ද යන්න පිළිබඳව තමන් දැනුම්වත් කරන ලෙසද ජයන්ත ධර්මදාස මහතා ඉල්ලා ඇති බව වාර්තා වේ.
|
ධම්මික මුතුගල මහතා |
ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ ධර්මදාස මහතාගෙන් එවැනි ලිපියක් තමන්ට ලැබී තිබුණ ද තමන්ට ඒ සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි බවයි.
“නිලවරණය මෙහෙයවන්නේ නිලවරණ කමිටුවයි. එම විරෝධතා සම්බන්ධ තොරතුරු නිලවරණ කමිටුවෙන් ලබාගන්නා ලෙස මම ධර්මදාස මහතාට දනුම් දුන්නා” යැයි මුතුගල මහතා වැඩි දුරටත් පැවසීය.
ජයන්ත ධර්මදාස මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ නිලවරණ කමිටුවෙන් තොරතුරු ලබාගන්නා ලෙස තමන්ට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා දැනුම් දුන් බවයි.
“මට දැනට දැනගන්න ලැබෙන තොරතුරුවලට අනුව මට විරෝධතා ඉදිරිපත් වී නෑ. මම සභාපති ධූරයට තරග කරනවා එහි වෙනසක් නෑ” යැයි ධර්මදාස මහතා වැඩි දුරටත් පැවසීය.
නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීම පසුගිය දෙසැම්බර් මස 31 වැනිදා අවසන් විය. ඒ සඳහා ලබාදුන් දින 14 ක කාලය තුළදී ධර්මදාස මහතාට එරෙහිව කිසිදු විරෝධතාවක් යොමු කර නොමැති බව වාර්තා වේ. මේ අතර නිලවරණයට ඉදිරිපත් වන ප්‍රධාන දෙපාර්ශ්වය සමගම ධර්මදාස මහතා සාකච්ඡා කර ඇතැයිද වාර්තා වේ.
සභාපති ධූරයට නාමයෝජනා බාරදී ඇති සෙසු නිලධාරීන් වන කේ. මතිවානන්, මොහාන් ද සිල්වා සහ ශම්මි සිල්වා යන තිදෙනාටම එරෙහිව විරෝධතා ඉදිරිපත් වී ඇති බවද වාර්තා වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.